යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ නවක වධය දීමේ සිද්ධිය හේතුවෙන් 2 වසර විද්‍යා අංශය දින නියමයක් නොමැතිව වසයි

  👤  3971 readers have read this article !
By mawbima 2018-06-25

මුලතිව් - ශෂිකුමාර් සහ ඕමන්ත - ශේෂලා අමරසිංහ

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ දෙවැනි වසරේ ව්‍යවහාරික විද්‍යා අංශයේ සිසුන් විසින් නවක සිසුන්ට බරපතළ අයුරින් නවකවධය දීමක් හේතුවෙන් එම දෙවැනි වසර විද්‍යා අංශය දින නියමයක් නොමැතිව වසා දැමීමට වවුනියාව මණ්ඩපයේ පරිපාලනය විසින් පියවර ගෙන ඇත.

ව්‍යවහාරික විද්‍යා අංශයේ දෙවැනි වසර සිසුන් පිරිසක් පසුගිය 22 වැනිදා නවක සිසුන් 25 දෙනකුගේ හිස මුඩුකොට ඔවුනට බරපතළ අයුරින් නවකවධය ලබාදීම හේතුවෙන් ඒ පිළිබඳව මණ්ඩපයේ පරිපාලනය සිදු කළ පරීක්‍ෂණයකින් අනතුරුව අදාළ සිසුන්ට එරෙහිව චීනය පරීක්‍ෂණයක් සිදු කිරීමටත් එතෙක් විද්‍යා අංශයේ දෙවැනි වසර වසා දැමීමටත් පියවර ගෙන ඇත.

එමෙන්ම දෙවැනි වසරේ සිසුන්ගේ නේවාසිකාගාරද වසා දැමීමට පියවර ගෙන ඇති අතර නවකවධය ලබාදුන් සිසුන් සියලු දෙනාගේ පන්ති තහනම් කොට ඔවුන්ට එරෙහිව විධිමත් චීනය පරීක්‍ෂණයක් පැවැත්වීමටද වවුනියාව මණ්ඩපයේ පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon