මරණ දඬුවම විඳින ඉන්දික ර්ඒ එක ගනී පශ්චාත් උපාධිය ගත් ලොව 5 වැනි සිරකරු

  👤  3957 readers have read this article !
By mawbima 2018-06-25

කුමුදු උපුල් ශාන්ත

මරණීය දණ්ඩනයට නියමව වැලිකඩ බන්ධනාගාරගත කර සිටින අතරතුරදී මෙරට බන්ධනාගාර ඉතිහාසයේ පළමු වතාවට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී කලා උපාධිය (ඕඒ) හිමිකරගත් හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු වන ඉන්දික බමුණුසිංහ පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලය මඟින් පවත්වනු ලැබූ සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (ර්ඒ) සඳහා පෙනී සිට ඉතා විශිෂ්ට සාමාර්ථයක් ලබාගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පවසයි.

ලෝක බන්ධනාගාර ඉතිහාසය තුළ සිරකරුවන් සිවු දෙනකු මෙයාකාරයෙන් සිරගතව සිටින අතරවාරේදී මෙවැනි උපාධියක් හිමි කරගෙන ඇති බවද ඉන්දික බමුණුසිංහ එසේ සමත් වූ පස්වැන්නා බවද අනාවරණය වෙයි.

සමස්ත බන්ධනාගාර දෙපාර්තමේන්තුවටම කීර්තියක් අත්කර දෙමින් ඔහු මෙම විශිෂ්ට දස්කම පෙන්වා ඇත්තේ ඉකුත් වසරේ (2017) ඔක්තෝබර් මාසයේදී බන්ධනාගාර නීතිරීතිවලට යටත්ව කැලණිය විශ්වවිද්‍යාලයේ අධීක්ෂණය යටතේ වැලිකඩ බන්ධනාගාරය තුළ පැවැත්වූ විශේෂ විභාග මධ්‍යස්ථානයක සිට පිළිතුරු ලියමිනි.

ඔහු පෙනී සිටි සමාජ විද්‍යාවට සම්බන්ධ සියලුම විෂයයන් ඉතා ඉහළින් සමත්ව ඇති බවද ඒ අනුව ඔහු ඒ (ඒ) සාමාර්ථයක් හා බී (ඕ) සාමාර්ථ පහක් ලබාගෙන ඇති බවද දැන ගැනීමට තිබේ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හා කැලණිය විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී ඇති බමුණුසිංහ එම විශ්වවිද්‍යාලවල පැවැත්වුණු ඔහුට අදාළ දේශන ඔහුගේ ඥාතියකු මඟින් පටිගත කරවාගෙන බන්ධනාගාරය වෙත ගෙන්වාගෙන ඒවාට සවන් දී ඒවා අධ්‍යයනය කරමින් එම විශිෂ්ට දස්කම පෙන්වා තිබේ.

ඔහුගේ එම හැකියාවන් අගය කර තිබෙන එවකට වැලිකඩ බන්ධනාගාර අධිකාරිව සිටි චන්දන ඒකනායක මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් ලබාගෙන ඔහුට අවශ්‍ය අධ්‍යාපන කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය මේස පුටු හා විදුලි ලාම්පුවක් ඔහුගේ සිරකුටිය වෙත ලබාදීමට පියවර ගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක යන මහත්වරුන් පවසන්නේ මරණීය දණ්ඩනය හිමිව ඇති ඔහු සිය මානසිකත්වය බිඳ නොගෙන මේ ආකාරයට විශිෂ්ට දක්ෂතා පෙන්වීම සමස්ත බන්ධනාගාර දෙපාර්තමේන්තුවටම ආඩම්බරයක් මෙන්ම සෙසු සිරකරුවන්ට ලොකු ආදර්ශයක් බවය. හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු වන මොහු මරණීය දණ්ඩනය ලැබ වසර කීපයක් තිස්සේ වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon