මීළඟ ඡන්දයෙන් ගෙදර ගියත් පාක්‍ෂිකයාට දිය හැකි හොඳම දේ දෙනවා

  👤  3518 readers have read this article !
By mawbima 2018-07-11

හර්ෂනී අර්සකුලරත්න

මීළඟ ඡන්දයෙන් ගෙදර ගියත් තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිස පක්‍ෂයට ආදරය කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
'පක්‍ෂය රැකගෙන, පක්‍ෂයට ආදරය කරන මිනිසුන් රැකගෙන, පාක්‍ෂිකයාට දිය හැකි හොඳම දේ දී අපි දේශපාලන අවසන් ගමන ගියාට කමක් නැහැ' යැයිද ඇමැතිවරයා පැවැසුවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිසිදා මරාදැමිය හැකි පක්‍ෂයක් නොවන බවත් මෙරට අසීරුතම නායකත්වය දැරූ නායකයා වන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බවත් හෙතෙම පැවැසීය.

වසර 65ක් තිස්සේ ගහමරාගත් පක්‍ෂ දෙකක් එකට තබාගෙන එතුමා ආණ්ඩුව කරගෙන යන බවද එය අසීරු කර්තව්‍යයක් බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

එසේම ශ්‍රී ල.නි.ප.ය වෙනුවෙන් සිදු කරන කැපවීම් කිසිදිනක අපතේ නොයන බවත් උපාධිධාරීන් සඳහා කාටවත් ඕනෑ ආකාරයට ලැයිස්තු සාදා පත්වීම් දිය නොහැකි බවත් ප්‍රකාශ කළ ඇමැතිවරයා එම ගැටලුවට කඩිනම් සාධාරණ විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය.

මේ සඳහා ජනාධිපතිතුමා නායකත්වය ගෙන, එහි කටයුතු නිසි පරිදි සිදු කරගෙන යන බවද හෙතෙම පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (08දා) පැවැති මාවනැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පක්‍ෂ බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon