අද මිනිස්සු මිථ්‍යාව වැලඳගෙන

  👤  3470 readers have read this article !
By mawbima 2018-07-11

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ 75 වැනි සංවත්සරය උත්සවයේදී හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර කළ මුඛ්‍ය දේශනය.

'අපේ පක්‍ෂයේ වසර 75ක ඉතිහාසය දිහා බලනකොට එහි ප්‍රථම අවුරුදු 25 පිළිබඳව අපිට ඉතාම ආඩම්බරයි. ඒ අවුරුදු 25 පක්‍ෂ කාර්යභාරය දැකලයි අපි මේ පක්ෂයට සම්බන්ධ වුණේ. එදා අවුරුදු 26 කොල්ලෙක් සර් ජෝන් කොතලාවල පරද්දලා රත්මලාන ආසනයට ආවා. අපි ඉස්කෝලේ යන කාලේ වමට ආකර්ෂණය වූවේ මේ හේතු නිසායි. අද මේ සභාවේ බිටෝ සහෝදරයා ඉන්නවා. ඉතින් මට ඒ කතාව මතක් වුණා. සමසමාජ පක්‍ෂයත් අපේ පක්‍ෂයත් මේ රටේ වැඩ කරන ජනතාවට කරපු විශිෂ්ට කාර්යභාරය බලයේ සිටි කිසිම පක්‍ෂයකින් තීරණාත්මකව සිදුවී නැහැ. එය තීරණාත්මක මැදිහත් වීමක්.

විශ්‍රාම වැටුපක් මේ රටේ ජනතාවට ලැබුණේ කොහොමද? 1930 ගණන්වල පරණ හැන්සාර්ඩ් අරන් බලන්න. එදා විශ්‍රාම වැටුප් තිබුණේ සුද්දන්ට විතරයි. රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් තිබුණේ නැහැ. ඒ වෙනුවෙන් හඬ නඟාපු පළමුවැනි සමසමාජ මන්ත්‍රිවරයා ‍ෙදාස්තර වික්‍රමසිංහයි. එයයි පළමු හඬ, එය ක්‍රියාත්මක වුණා. ඒ රාජ්‍ය සේවයට සිදුවූ සේවයයි.

පෞද්ගලික අංශය වෙනුවෙන් මොනවාද ලැබුණේ. එය අපි ඇසින් දැක්කා. මේ සභාවේදී කතා වුණා සේවක අර්ථසාධක අරමුදල පිළිබඳව. අද ඡ්.ර්ථී.ජ්. එක කියන්නේ ටි්‍රලියන 2 අරමුදලක්. එය දකුණු ආසියාවේ විශාලම අරමුදලයි. මේ අරමුදලින් තමයි ධනපති පන්තියේ පක්‍ෂ බලයේ ඉන්නේ. කම්කරුවන්ගේ ශ්‍රමයෙන් ගොඩනඟපු දෙයක් එය. ර්.ට්. මෙන්ඩිස්, පීටර් කෙනමන්, එන්. ෂන්මුගදාසන්, කුලවීරසිංහම් වැනි පුද්ගලයන් එදා කැබිනට් මණ්ඩලයට ගියා. වෘත්තීය සමිති නායකයන් කැබිනට් එකට කැඳෙව්වේ පළමු වැනි වතාවටයි. එදා බණ්ඩාරනායක මහත්තයා හිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීමකයි. එතුමා එදා වැඩ බලපු අගමැති සී.පී. ද සිල්වාට දුරකථනයෙන් කිව්වා සියලු කම්කරුවන්ට මේ මුදල දෙන්න කිව්වා. අද පෞද්ගලික අංශයට මේ මුදල නැති නම් කුමක්ද වෙන්නේ. එයින් අද වැඩියෙන්ම වාසි ලබන්නේ සුළු කර්මාන්තකරුවෙක් පමණක් නොවෙයි වතු අධිකාරියෙක් අරගෙන යන්නේ මිලියන ගණනුයි. සමාගම්වල ඉහළ නිලධාරීන් ඡ්.ඊ.ජ්. අරන් යන්නේ මිලියන් ගණන්වලින්. ඒ අපි එය රැකගත් නිසයි.

1978 ජේ.ආර්. ජයවර්ධන මහත්තයා නව ලිබරල් ආර්ථිකය ගෙනාවට පස්සේ ඡ්.ර්ථී.ජ්. එකට අත තියන්න හැදුවා. 80 වැඩ වර්ජනය අසාර්ථක වුණා. එ.ජා.ප. උත්සාහය නැවැත්වීමට අපට හැකි වුණා. ජේ.ආර්.ගේ උත්සාහය ආපස්සට ගන්න පුළුවන් වුණේ 80 වැඩ වර්ජනය නිසයි. එය කරන්නට 2001දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නැවත උත්සාහ ගත්තා. එතුමා අගමැති වුණු හතර වතාවේදීම මෙය කරන්නයි හැදුවේ. අදත් උත්සාහ කරනවා. අද රාජ්‍ය බැංකුවල තිබෙන කොටස් පෞද්ගලික අංශයට දෙන්න කැබිනට් පත්‍රිකාවක් ගෙනත් තිබෙනවා. නමුත් ඇමැතියා එය කියන්නේ නැහැ. ලංකා බැංකු සේවක සංගමයට මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් එකම ඇමැතිවරයකුවත් ලබාදී නැහැ. නමුත් ජනාධිපතිවරයා කියලා තිබෙනවා ඔහු ඉන්න තුරු පෞද්ගලීකරණය කරන්න දෙන්නේ නැහැ කියලා. ඒවා පළමුවැනි අවුරුදු 25 තුළදී අපි කරපු දේවල්.

1972දී කෝල්වින් ආර්. ද සිල්වාගේ ව්‍යවස්ථාව ආවේ නැත්නම් තාමත් අපේ රාජ්‍ය නායිකාව දෙවැනි එළිසබෙත්. අපිට කොහොමද එංගලන්තෙන් පූර්ණ නිදහස ලැබුණේ. ඒ සංකල්පය කවුද ඉදිරිපත් කළේ. ඒවා ඉදිරිපත් කළේ අරගල කරලයි. ශ්‍රී ල.නි.ප.ය සමඟ, සමඟි පෙරමුණ දැවැන්ත අරගලයක් කරලයි එම ව්‍යවස්ථාව සම්මත කරගත්තේ. ඒවා ඉතිහාසයට එක්වී අවසානයි. නොබැඳි ප්‍රතිපත්තියක් ඇතිවිය යුතුයි කියන බලපෑම සිදු කළේ අපියි. අද චීනය නැත්නම් මේ ආණ්ඩුවත් කඩා වැටිලා. අද පත්තරවල තියෙන්නේ චීන විරෝධයයි. ඒ විරෝධය මතු කරන්නේ වොෂිංටන්වලිනුයි. ඔවුන් චීනයට විරුද්ධව දැවැන්ත විරෝධයක් ඇති කරලයි තිබෙන්නේ. අද ලෝකයේ ගැඹුරු මූල්‍ය අර්බුදයක් තිබුණත් ඒවා රටට කියන්නේ නැහැ මේ රටේ නායකයන්. ඉතින් මහජනයා ඉන්නේ අන්ධකාරයේ. අද තිබෙන ලොකුම අර්බුදය ණය උගුලයි. මේවා අද ඊයේ ආපු අර්බුද නොවෙයි.වමේ සහෝදරවරුන් තේරුම් ගත යුතුයි නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියේ තිබෙන ප්‍රධානම දෘෂ්ටිමය කාරණාවක් තමයි මූල්‍ය ක්‍ෂේත්‍රය මහ බැංකුවෙන් ඉවත් කරන්න ඕනෑයි කියනදෙය.

ඒ නිසයි වක්‍ර බදු වැඩි කළේ සහ සෘජු බදු අඩු කළේ. මේ ණය අර්බුදය උග්‍ර වුණේ 1978 රොනී ද මෙල්ගේ පළමුවැනි අය - වැය වාර්තාවෙනුයි. එම වාර්තාවෙන් සියලුම බදු අහෝසි කළා. ප්‍රාග්ධන බදු, වියදම් බදු අහෝසි කළා. එන්.එම්. පෙරේරා මහත්තයා, මුදල් ඇමැති ලෙස ඉන්න කාලේ ආදායම් බද්ද තිබ්බේ 70%කටයි. රොනී ද මෙල් එය 24%ට ගෙනාවා. අදත් එය 24%යි. එය මර්දනය කරන්නට දෙන්නේ නෑ. වක්‍රබදු 90%කින් පමණ වැඩි වුණා. රනිල් - රවි කරුණානායක මුදල් පාලනය කළ මේ ආණ්ඩුව යටතේ සෘජු බදු තියෙන්නේ 10% මට්ටමේ. ධනපතියන්ටයි ඉන් වාසිය. මෙම බදු සංකල්පය නව ලිබරල් ආර්ථිකයේ සංකල්පයයි.

කාල් මාක්ස්ගෙන් පසු බිහිවුණු තෝමස් පිකටිං අවුරුදු 20ක් පර්යේෂණ කරලා ධනපති ක්‍රමය පිළිබඳව මහ කෘතියක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඔහු කියනවා වක්‍ර බදු සහ සෘජු බදු ආරම්භ කරන්නේ ප්‍රාග්ධනයේ බලය මහ බැංකුවෙන් ඉවත් කරලා ධනපති පන්තිය අතට දීමට කියා. නමුත් තවම එය ක්‍රියාත්මක වී නැහැ. ඊළඟ අවුරුදු 2 තුළදීත් කරන්නට පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. පාස්කරලිංගම් තමයි මෙය අගමැති කාර්යාලයේ සිට කරන්නේ.

දෙවැනි අවුරුදු 25 ඇතුළත අපි අලුත් දේවල් රටට ඉදිරිපත් කළා. ක්‍රම සම්පාදනය ආර්ථික විද්‍යාඥයන්ට හඳුන්වලා දුන්නේ අපි සහ ශ්‍රී ලංකා සම සමාජ පක්‍ෂයයි. අද අයාලේ යනවා ආර්ථිකය පාලනය කරන්නට බැහැ. මහ බැංකුවටත් බැහැ. මුදල් අමාත්‍යාංශයටත් බැහැ. කැබිනට් එකටත් බැහැ. දකුණු කොරියාවේ තාමත් ක්‍රම සම්පාදනය තිබෙනවා. නමුත් එහි තිබෙන්නේ ධනපති ආර්ථිකයකුයි. තුන්වැනි අවුරුදු 25 කියන්නේ සෝචනීය කාල පරිච්ඡේදයක්. සෝවියට් සංගමය බි¼ද වැටුණා. සමහර නායකයෝ ධනවාදය වැලඳ ගත්තා. එය මුළු මහත් අධිරාජ්‍යය විරෝධී සියලු බලවේගයන්ට බලපෑවා. සමාජවාදී කඳවුරු බිඳවැටීම පිළිබඳ බොහෝ අය සන්තෝෂ වුණා. මේ රටේ ධනපති පන්තිය තේරුම් අරගෙන නැහැ ඒ බිඳවැටුණු අවුරුදු 27 ඉවරයි කියලා. කම්කරු පන්ති ව්‍යාපාරය නැවත නැඟී සිටිනවා ලෝකය තුළ. අද ඇවිත් තිබෙන්නේ අලුත් කාල පරිච්ඡේදයක්. ප්‍රාග්ධනය එංගලන්තයේ සංසරණය වුණා. පසුව ඇමෙරිකාවේ සංසරණය වුණා. අද එම ප්‍රාග්ධනය මධ්‍යස්ථාන ගණනාවක ඒකරාශි වෙනවා. එක රටක නොවේ. ඇමෙරිකාවටත් එංගලන්තයටත් අද ඒ බලය නැහැ. එයයි ඇතිවුණු ප්‍රබල වෙනස. එය අපි තේරුම් ගත යුතුයි.

අද මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් තිබෙනවා. චීනය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය, ඒ මධ්‍යස්ථානයි. එක රටකට ප්‍රාග්ධනය මෙහෙයවන්නට බැහැ අද. බොහෝ අය හිතුවා රනිල් වික්‍රමසිංහ අගමැති වුණාම විදේශ ප්‍රාග්ධනය ගලාගෙන එයි කියලා. නමුත් ආවේ නැහැ. ආර්ථික විද්‍යාව අනුව එන්නට බැහැ. ප්‍රාග්ධනය කියන්නේ පොලී පස්සෙන් ලාභය දුවන දෙයක්. එය චීනයට යනවා. එයයි අලුත් වෙනස. අද ලෝකයේ තිබෙන ඩොලර් ප්‍රමාණයෙන් 1/3ක් හිමිකර ඇත්තේ චීනයයි. එයයි ට්‍රම්ප්ට තිබෙන ප්‍රශ්නය. චීනය යුද්ධ කරන්නේ අවි ආයුධවලින් නොවේ ආර්ථිකයෙනුයි. ධනපතීන් විසින්ම ධනපතීන් බිත්තියට හේත්තු කරලා තිබෙන්නේ.

අපිටත් පැවැත්මක් නැහැ මානව සම්පත දියුණු කළේ නැත්නම්. අපිට ස්වාභාවික සම්පත් සීමිතයි. භෞතික සම්පත් අපිට සංවර්ධනය කරන්න වෙන්නේ ණය මතයි. අපිට මානව සම්පතයි වැදගත්. ඒක කළොත් මැදපෙරදිග යන කාන්තාවන් 10ක් රැගෙන එන මුදල් එක හෙදියකට අපේ රටට ගේන්න පුළුවන් යුරෝපයෙන්. අපි කිව්වා ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාලයක් දාන්න කියලා. නමුත් එයට වෘත්තීය සමිති විරුද්ධ වුණා. පටු විදිහටයි ඒ දිහා බැලුවේ. සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහිත කාන්තාවන් උපාධිධාරීන් කරලා යුරෝපා රටවලට රැකියා සඳහා යැව්වා නම් ප්‍රාග්ධනය විශාල වශයෙන් අපේ රටට පැමිණෙනවා. නමුත් මැදපෙරදිග යන කාන්තාවන්ගෙන් පමණයි ප්‍රාග්ධනය බලාපොරොත්තු වෙන්නේ. මේ පාරේ තිබෙන මාර්ග සංඥා පද්ධති පවා ඉදි කරලා තිබෙන්නේ ඔවුන් එවන මුදල්වලිනුයි.

අපිට අවසන් අවුරුදු කිහිපය අමාරු වුණා තමයි. නමුත් මම සතුටු වෙනවා එකක් සම්බන්ධයෙන්. දෘෂ්ටිමය හේතු නිසා සමාජවාදය බිඳවැටුණත් අපේ සමාජයේ එකම සාමාජිකයෙක්වත් අපේ පක්‍ෂය හැර ගියේ නැහැ. එය අපිට ආස්වාදයක්. අද අපි මුහුණ දෙන්නේ ව්‍යුහාත්මක අර්බුදයකටයි. එය ප්‍රතිපත්තිමය අර්බුදයක් නොවෙයි. මෙයින් ගොඩ එන්නට අමාරුයි. චීනයේ ආධාර නැති වුණොත් කොහෙන්වත් ආධාර එන්නේ නැහැ. එදා සෝවියට් විරෝධය තිබුණේ. අද චීන විරෝධය ඇවිත්. අද නේපාලය සමාජවාදීන් කෙසේද පාලනය කරන්නේ කියලා බැලිය යුතුයි. ඔවුන් චීනය හා ඉන්දියාව ඉතා හොඳින් පාලනය කරගෙන ආණ්ඩුව ගෙනියනවා. නේපාලය කියන්නේ බුදුන්ගේ දේශයයි. මහ සංඝයා වහන්සේ නේපාලයට වැඩමවිය යුතුයි. සමාජවාදීන් කොහොමද නේපාලය පාලනය කරන්නේ කියලා නැරැඹීමට නේපාලයේ අගමැති කිව්වා උත්සවයකදී කාල් මාක්ස් කියන්නේ මේ ලෝකය බිහි කරපු ප්‍රාඥයෙක් කියලා. නමුත් අපි අවුරුදු 2500කට ඉස්සර වෙලා ලෝකයේ පළමු වැනි ප්‍රාඥයා බිහි කෙරුවා. ඒ තමයි බුදුන් වහන්සේ කියලා.

නේපාලයේ සමාජවාදී නායකයා කිව්වේ එහෙමයි. සමාජවාදය රටට හුරු කළේ හාමුදුරුවරුයි. අපි හාමුදුරුවන්ට හිස නමා ආචාර කරනවා. මිථ්‍යාවට එරෙහි ප්‍රථම සටන ආරම්භ කළේ විද්‍යාලංකාර පිරිවෙනයි. ප්‍රගතිශීලී කියන වචනය සිරි සීවලී හාමුදුරුවන්ගේ වචනයයි.

අද එ.ජා.ප.යට බලය අරගෙන යන්නට බැහැ. ශ්‍රී ල.නි.ප.යට බලය අරගෙන යන්න බැහැ. පක්‍ෂ දෙක එකට එකතු වුණත් බලය අරගෙන යන්න බැහැ. හේතුව ප්‍රශ්නවලට විසඳුම් නැහැ. අද ආර්ථික විද්‍යාඥයන් පවා කලකිරිලා. වමේ අපි රටට වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුයි. ආණ්ඩුවලට යන්න අවශ්‍ය නැහැ අපිට. රටට වැඩපිළිවෙළක් නැති නිසයි හිට්ලර්ලා ඉල්ලන්නේ. රටේ විනය බිඳෙනකොට සෘජු පුද්ගලයෙක් රටේ නායකයා විය යුතුයි කියලා ජනතාව කියනවා. එය ස්වාභාවික කාරණයක්. අපි කියන්නේ සමාජවාදී විසඳුමක් අවශ්‍ය නැහැ මේවාට. අද අවුරුදු 500කට පස්සේ ලෝක ආර්ථිකය පවතින්නේ ආසියාවෙයි, එහි හයිය ඇත්තේ චීන ආර්ථිකයටයි. ප්‍රශ්නයක් තිබුණේ උතුරු කොරියාවටයි. උතුරු කොරියාව ඇමෙරිකාව දණ ගැස්සුවේ කොහොමද? ඔවුන් න්‍යෂ්ටික බලය පාවිච්චි කරලා ඇමෙරිකන් වෙරළට මිසයිලයක් යැව්වා. ජපන් වෙරළට තව මිසයිලයක් ඇරියා. ආවා සාකච්ඡාවට ඇමෙරිකාව සමඟ. සමහරුන්ට තේරෙන භාෂාව එයයි. අද ලෝක බලතුලනය වෙනස් වෙලා. ඇමෙරිකාවට ඕන විදිහට රටවල් දැන් හැසිරෙන්නේ නැහැ. මැද පෙරදිගට සාමය එනවා නම් එය ආසියාවට හයියක්. වෙනදා ආර්ථික අර්බුදයක් ඇති වෙනවා නම් එයට පිළිතුර යුද්ධයයි. අද යුද්ධ කරන්න සල්ලි නැහැ. ලෝක යුද්ධයක් එන්නේ නැහැ අද. අධිරාජ්‍යවාද කලාපයේ ප්‍රශ්න අද උත්සන්න වෙලා. මේ පිළිබඳව ලෙනින් පවා පෙන්වා දුන්නා.

අද විදේශ ප්‍රතිපත්ති සකස් කරන්නට තේරෙන්නේ නැහැ පාලකයන්ට. එදා බණ්ඩාරනායක මහත්වරු විදෙස් ප්‍රතිපත්තීන් සකස් කළේ විරුද්ධ පක්‍ෂය සමඟ සාකච්ඡා කරලයි. නමුත් අද එයටත් තරගයක් ඇති වෙලා. අපි යා යුත්තේ නොබැඳි ප්‍රතිපත්තියටයි. නමුත් එ.ජා.ජ.ය අධිරාජ්‍යවාදී ගැති ප්‍රතිපත්තියෙන් එළියට එන්න හදන්නෙත් නැහැ. අපි රටවල් තරහා කරගෙන වැඩක් නැහැ. අපේ ප්‍රමාණය අපි දැනගත යුතුයි. අපිට යුද්ධ කරන්න බැහැ රටවල් සමඟ. අපිට තිබෙන්නේ නොබැඳි ප්‍රතිපත්තියයි. එයයි ජීවය අපගේ.

අද ලෝකය සංකීර්ණයි. එක තැනකට අද ලෝකය පාලනය කරන්න බැහැ. එහි වාසිය අපිටයි. අධිරාජ්‍ය විරෝධීන්ටයි වාසිය එහි. අපිට ඉටු කරන්නට බැරි වුණු කාරණා දෙකක් තිබෙනවා. එය ජාතික සමඟිය සහ වමේ සමඟියයි. අවශ්‍යම දේ කරගන්නට අපිට බැරි වුණා. ඒ පිළිබඳ අපට ස්වයං විවේචනයක් තිබෙනවා. වාමාංශිකයන්ගේ බෙදීම් වලංගු නැහැ අද. ඒ බෙදෙන කාරණා අදට වලංගුත් නැහැ. වමේ කොටස් එකට එකතු විය යුතුයි. අපි පොදු අරමුණකට පැමිණිය යුතුයි. අද ජීවත්ව සිටින කාල් මාක්ස්ට වඩා නැති කාල් මාක්ස් ශේ‍ර්ෂ්ඨ වී තිබෙනවා. අද මිනිස්සු පෙළෙන්නේ මිථ්‍යාවෙන්. කොල්ලන්ගේ ඔළු ඉවරයි. ඉතින් මාක්ස්වාදය උගන්වන්නේ කොහොමද? සාස්තර පස්සෙයි දුවන්නේ. වාමාංශිකයෝ මීට වැඩිය හිතන්න, සක්‍රිය වන්න කියලා මම කියනවා. අපි ප්‍රශ්නවලට විසඳුම් සොයන්න ඕනේ. එයයි අවශ්‍ය වන්නේ.

සටහන - ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

ඡායා - ඒෂාන් දසනායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon