දිනුක හා අයාන් සාර්ථකව නිම කරති

  👤  3372 readers have read this article !
By mawbima 2018-07-11

දිනුක හා අයාන්

සාර්ථකව නිම කරතිලෝක කුසලාන පාපන්දු තරගාවලියට සමගාමීව පැවැත්වුණු 'මිත්‍රත්වය වෙනුවෙන් පාපන්දුව' (ජ්ධධබඡචතත ටධප ජ්පඪඥදඤඵඩඪන) ජාත්‍යන්තර වැඩසටහන පසුගියදා රුසියාවේදී සාර්ථකව නිමාවට පත්වූ අතර එම වැඩසටහනට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ දිනුක බණ්ඩාර හා අයාන් සදාත් යන 12 හැවිරිදි ළමයින් දෙදෙනාද සාර්ථක නිමාවක් පෙන්නුම් කළහ.

රටවල් හා කලාප 211ක් නියෝජනය කරමින් ළමා ක්‍රීඩකයන් මෙම වැඩසටහනට සහභාගි වූ අතර මෙවන් ලෝක පාපන්දු වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා නියෝජනයක් සිදු කළ පළමු අවස්ථාවද මෙයයි. එහිදී ජාත්‍යන්තර පාපන්දු කණ්ඩායම් 32ක් ක්‍රීඩා කළ මිත්‍රත්වය වෙනුවෙන් පාපන්දුව නම් ජාත්‍යන්තර ශූරතා තරගාවලියට 'ලයන්' පාපන්දු කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩකයා ලෙස දිනුක බණ්ඩාර සහභාගි විය.

අයාන් සදාත් මිත්‍රත්වය වෙනුවෙන් පාපන්දුව වැඩසටහනේ දේශීය හා ලෝක ව්‍යාප්ත ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා කිරීමේ ළමා මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළේය. එමෙන්ම ඔහුට ලොව ජනප්‍රිය මාධ්‍යවේදීන් සමඟ කටයුතු කිරීමේ අවස්ථාවද හිමිවිණි. මෙම සංචාරයෙන් පසුව අදහස් දැක්වූ දිනුක කියා සිටියේ මොස්කව් නුවර පැවැති මෙවන් වැඩසටහනකට සහභාගි වීමට අවස්ථාව ලැබීම සතුටට කරුණක් බවයි. තවද මෙම වැඩසටහන මඟින් විවිධ රටවල මිතුරන් ඇසුරු කිරීමට ලැබුණු බවත් ඔවුන් සමඟ ක්‍රීඩා කිරීමෙන් සහ පාපන්දු ලෝක කුසලාන සමාරම්භක උළෙලටද සහභාගි වීමෙන් ලැබූ අත්දැකීම් තම ඉදිරි ගමනට පිටිවහලක් බවද දිනුකගේ අදහසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon