පළිගන්නවා කියලා කෑ ගහන්නේ වැරැදි කළ පිරිසයි

  👤  3477 readers have read this article !
By mawbima 2018-07-12

ත්‍රස්ත සංවිධානයක නායකයෙක් ගෙනල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති කළේ මහින්ද රාජපක්ෂ මහත්තයා මිසක් මෛත්‍රිපාල සිරිසේන මහත්තයා නෙවෙයි. මේ රටේ ජනතාවගේ මුදල් වංචා කරලා තියෙනවා නම් ඒ අය වගකියන්න ඕන. අද මට චෝදනා කරනවා පළිගන්නවා කියලා. වැරැදි කළා නම් බය වෙන්න ඕනෑ යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල පැවැසුවාය.

තලතා අතුකෝරල මහත්මිය මෙම අදහස් පළ කළේ පසුගියදා බළන්ගොඩ උඩකන්ද ජල යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරිය මෙසේද පැවැසුවාය.

අපි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාව පත් කළේ අධිවේගී මාර්ග හදන්න නොවේ. හැබැයි අපි ඒවත් කරනවා. අපිට ඡන්දය දුන්නේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න, අවශ්‍ය වටපිටාව හදන්න කියලා. ඒ වගේම මිනී මරන සංස්කෘතිය නැති කරන්න කියලා. මේ ආණ්ඩුව සද්ද බද්ද නැතිව වැඩ කරන ආණ්ඩුවක්. මිනිස්සු ප්‍රතික්ෂේප කරපු දවසට අපි ගෙදර යනවා. අපි මේවගේ සදාකල් ඉන්න ඇවිල්ලා නෑනේ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මේ රටේ ඉතිහාසය වෙනස් කරපු මනුස්සයෙක්. හැම කෙනකුටම උදවු කරපු මනුස්සයෙක්. එතුමත් 1989 ප්‍රේමදාස මහත්තයට දීලා ගියානේ. දාහත් අවුරුද්දක් වැඩ කරපු ආණ්ඩුව අනූහතරේ ගෙදර ඇරියානේ. අපි බොරු කරන්න ඇවිත් ණෑ. ඒ වගේම නීති විරෝධී වැඩ කරන්නත් නෙවෙයි අපි ආවේ.

ජනාධිපතිවරණයේදී අපි ජනවාරි 8දා කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු වැරැදි වැඩ ගැන. අපි කිව්වේ නෑ වරාය හදනවා අධිවේගී මාර්ග හදනවා, පාලම් හදනවා, ගුවන්තොටුපොළවල් හදනවා. මේවා මොකුත් කිව්වේ නෑ. හැබැයි අපි හැමදේම කරලා තියෙනවා. මතක තියාගන්න ඕන නැති විදියට මාව වරද්දා ගන්න එපා. මම හොඳට හොඳයි වගේම තමයි අනිත් පැත්තත්. මම පසුගිය මාසේ 22දා වැලිකඩ බන්ධනාගාරයට ගියා. එහි රැඳවියන් දැක්කම මට කනගාටු හිතුණා. ඔවුන් හිටපු විදිය දැක්කහම. ඒ අයව අලුතින් හදපු අගුණුකොළපැලැස්සේ බන්ධනාගාරයට යැව්වායින් පස්සේ මගෙන් අහනවා ඇයි යැව්වේ කියලා. අපිට වගකීමක් තියෙනවා හිරකාරයෙක් වුණත් ඒ අයව හොඳින් බලාගන්න.

බළන්ගොඩ - නලින්ද වලේබොඩ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon