මහින්ද හන්දි ගාණේ බොරු කිය කියා ඇවිදිනවා

  👤  3347 readers have read this article !
By mawbima 2018-07-12

ඇමෙරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පිළිබඳ පුවත වැරැදි නම් නිසි ලෙස නඩු පැවරිය යුතුයි. එසේ නැතිව ලංකාවේ සිට සිංහල භාෂාවෙන් යවන එන්තරවාසිවලින් වැඩක් නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය අජිත් පී. පෙරේරා පැවැසීය.

බණ්ඩාරගම ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතා අජිත් පී. පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීවේය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් සීමාවක් නැතුව වියදම් කළා. ඒ මැතිවරණ ව්‍යාපාරයට මේ තරම් මුදල් ලැබුණේ කෙසේද කියලා අපිට මුල ඉඳලම විශාල සැකයක් තිබුණා. මේ ආකාරයට වියදම් කළේ දූෂිතව ලබාගත් මුදල් බවට රටේ ජනතාවට විශාල සැකයක් තිබුණා. ලෝකේ තියෙන ස්වාධීනත්වය පිළිබඳව ප්‍රචලිතම මාධ්‍ය ආයතනයක් විසින් නිසි ලෙස කරුණු සොයා බැලීමෙන් පසුව කාලයක් ගිහිල්ලා හරි මේ සිද්ධිය පිළිබඳ තොරතුරු ලෝකෙටම හෙළිවෙලා තියෙනවා. මේ රට පාවාදී චීනයට විකුණා දමන්න ලබාදෙන සන්තෝසම, අල්ලස පිළිබඳ දැන් මුළු ලෝකෙ දැනගෙන තියෙනවා.

නිව්යෝර්ක් ටයිම්ස් පුවතේ පුවතට කරුණු සෙවීමට සහාය දුන්න ලංකාවේ ඉන්න මාධ්‍යවේදීන්ට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමක් තර්ජනය කර තිබෙනවා.
මේ තත්ත්වය හෙළා දකින බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත දක්වලා තියෙනවා. ඒ වගේම ලසන්ත වික්‍රමසිංහලාව මරා දාපු, මාධ්‍යවේදීන් මර්දනය කරන්න උත්සාහ කළ, පෝද්දල ජයන්ත වගේ ආණ්ඩුව සමඟ වැඩ කළ මාධ්‍යවේදීන්ගේ කකුල් කඩලා ඔවුන්ව දුරින් තියන්න කටයුතු කළ රාජපක්ෂලාගේ අවතාර යළි හොල්මන් කරන්න පටන් ගෙන තියෙනවා.

පුවත්පතක ප්‍රවෘත්තියක් වැරැදි නම් තැන තැන බොරු බේගල් ඇදබාලා වැඩක් නැහැ. තමන් නිවැරැදි නම් ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ගය ගන්න පුළුවන්. ඒ පුවත්පත වැරැදියි කියලා කෙළින් කතා කරලා පුවත නිවැරැදි කරන්න කියලා මහින්ද රාජපක්ෂට කටයුතු කරන්න තිබුණා. නමුත් එහෙම නැතුව සිංහල භාෂාවෙන් හන්දි ගාණේ බොරු කියලා ජනතාව රවට්ටන එකේ තේරුමක් නැහැ.

මතුගම -
වසන්ත කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon