අපිට වෙනම රාජ්‍යයක් එපා

  👤  3397 readers have read this article !
By mawbima 2018-07-12

1956 බණ්ඩාරනායක ආණ්ඩුව සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරගත්තා. 1970 සිරිමාවෝ ගේ ආණ්ඩුව බුද්ධාගමට ප්‍රථම ස්ථානය දුන්නා. නමුත් දෙමළ ජනතාව එය පිළිගත්තේ නැහැ යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්දිරන් පැවැසීය.
එක්සත් වාමාංශික පෙරමුණ විසින් සංවිධානය කළ නව ව්‍යවස්ථා වැඩපිළිවෙළ හා 20 සංශෝධනය සම්බන්ධයෙන් මාගම්මන සණස රැස්වීම් ශාලාවේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදීය. සුමන්දිරන් මහතා මෙසේද කීය.

එදා එල්ටීටීඊ කාලයේත් ජාතික ගැටලුව සඳහා යෝජනා ඉදිරිපත් කළා. දැන් අප ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් රජය මේ රටේ යුද්ධයක් නැහැ කියා නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව 1998දී නව ආණ්ඩුක්‍රම පනතක් පාර්ලමේන්තුවට ඉදිරිපත් කළා. නමුත් එය අනුමත කළේ නැහැ. අපි කියන්නේ අපට වෙනම රාජ්‍යයක් අවශ්‍ය නැහැ. අපගේ යෝජනා සලකා බලා විසඳුමක් දෙන්න කියා පමණයි.

1957 සිට අපි මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගන්න උත්සාහ කළා. නමුත් ඊට විපක්ෂය විරුද්ධ වුණා. දැන් ප්‍රධාන පක්ෂ දෙකම ආණ්ඩුවේ සිටිනවා. මෙය හොඳම අවස්ථාවක්. මෙවැනි අවස්ථාවක් නැවත ඉදිරියේ ඇතිවන්නේ නැහැ.

අපි දියුණු වෙන්න ඕන නම් රට ඉදිරියට යෑමට අවශ්‍ය නම් විසඳුමකට එන්න ඕනෑ. 20 වැනි සංශෝධනයට අපි සහාය ලබාදෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ජයම්පති වික්‍රමරත්න

පසුගිය ආණ්ඩුවේ පාලන ක්‍රමයට විරුද්ධව ජනතාව නැඟී සිටියා. ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑ කියා ජනතාව කිව්වා. ජනතාව 2015 ජනවාරි 8 වැනිදා පැහැදිලි ජයග්‍රහණයක් ලබාදුන්නා.
බලය බෙදීම සම්බන්ධයෙන් ශ්‍රී ලනිප ප්‍රධාන ඇමැතිවරු ඉතාමත් යහපත් යෝජනා ඉදිරිපත් කර තිබුණා. අද අපට ඕනෑ යහපත් දේශපාලන පාලන ක්‍රමයක් පමණයි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති,

2015 ජනවාරි 8 ප්‍රධාන ඉල්ලීමත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි.වත්මන් ජනාධිපති මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු දුන්නා.

අවිස්සාවේල්ල - හාතාගොඩ ධර්මසේන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon