දෙමළ ඩයස්පෝරාවේ තර්ක අපි බින්දා

  👤  3281 readers have read this article !
By mawbima 2018-07-12

යළිත් ආයුධ සන්නද්ධවීම සාධාරණීයකරණ කිරීමට බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව කටයුතු කරමින් ඇතැයි ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සභාපති සුනිල් චන්ද්‍රකුමාර ප්‍රකාශ කෙළේය.

ඔහු එසේ පැවැසුවේ ජිනීවා නුවරදී පසුගියදා (6දා) අවසන් වූ එක්සත් ජාතීන්ගේ 38 වැනි මාවන හිමිකම් සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව එරට සිට 'මව්බිම' වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්ය.

නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වූ සුනිල් චන්ද්‍රකුමාර මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

එල්ටීටීඊ යුද්ධය නිල වශයෙන් ආරම්භ වූ අසූව දශකය මුල් කාලයේදී උතුරේ තැනින් තැනින් ආයුධ හමු වුණා. ඊළාම් මතවාද වේගවත් වුණා. වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවැති කොටි ත්‍රස්තවාදය පරාජය වී තවමත් ගත වන්නේ වසර නවයක් පමණයි. යළිත් ත්‍රස්තවාදයක් ඇති වන බවට සැක සංකා ජනතාව තුළ මතු වෙලා. අසූව දශකය ප්‍රති නිර්මාණය වෙමින් තිබෙනවා.

ජුනි 18 සිට ජූලි 06 දක්වා පැවැත්වූ මානව හිමිකම් සමුළුවට ගෝලීය ශ්‍රී ලංකා සංසදය ලෙස අපේ නියෝජිත පිරිසකුත් සහභාගි වුණා. දෙමළ ජනතාවට වෙනස් කොට සලකනවාද කියලයි පළමු රැස්වීම පැවැත්වුණේ. ඒ ඒ ජනවර්ග අතර වෙනස් කොට නොසලකන බව අපි කරුණු සහිතව පෙන්වා දුන්නා. ඒ වගේම ජනවාර්ගික ශුද්ධකරණයට ලක් වී සැබෑ අසාධාරණය සිංහල ජනතාවට සිදුවන ආකාරයක් අපට ලැබෙන සුළු වේලාව තුළ අවධාරණය කිරීමට හැකි වුණා. දෙමළ ජන ඝාතන සිදුවන බව දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන තර්කයක්. දෙවැනි රැස්වීමේදී එය සාකුච්ඡාවට ගත්තා. දරුස්මාන් වාර්තාව මඟින් 40,000ක් ලෙසත් යස්මින් සූකාගේ වාර්තාව මඟින් 185,000ක් වශයෙනුත් දෙමළ ජනතාව සමූල ඝාතනය වී ඇති බව ප්‍රකාශ කොට තිබුණා. කොටි හිතවාදීන්ගේ කතා අහලා ඒකපාර්ශ්විකව එම වාර්තා සකස් කොට ඇති බව අපි පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය එරටට යවන ලද රහස්‍ය වාර්තාත්, ටැමිල් නෙට් වෙබ් අඩවිය මුල් කාලයේ ඉදිරිපත් කළ වාර්තාත් අපට ප්‍රයෝජනවත් වුණා. බි්‍රතාන්‍යයේ නෙස්බි සාමිවරයා එරට පාර්ලිමේන්තුවට ප්‍රකාශ කොට තිබූ පරිදි යුද්ධය අවසන් කාලයේ දී සාමාන්‍ය ජනතාව 7,000ක් පමණයි මියගොස් තිබෙන්නෙ.

කොටි ත්‍රස්තවාදයේ බිහිසුණුකම ගැන ඡායාරූප ප්‍රදර්ශනයක් ජූලි 2 සහ 4 ජිනීවාවලදී සිදු කළා. රත්නප්‍රිය බන්දු වැනි රණවිරුවන්ට පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන් කළ සැලකිල්ලත් අප එහිදී පෙන්වා දුන්නා. ජනසංහාර සිදු වෙනවා නම් එවැනි සැලකිලි ලැබෙන්නේ නැහැ.

උතුරේ දැනට සිටින දේශපාලකයන් සැබෑ සාමයට අකැමැතියි. අපි ඒකත් පෙන්වා දුන්නා.
ඇමෙරිකාව මානව හිමිකම් සමුළුවේ සාමාජිකත්වයෙන් ඉවත් වුණා. ඒත් ඒක අපේ රටට හිතකර විධියට යොදා ගන්න රජයට උනන්දුවක් නැහැ. කදිර්ගාමර් වැනි රාජ්‍ය තාන්ත්‍රිකයෝ එදා එවැනි දේවල් කළා. ඒත් මංගල සමරවීරලා වැනි ද්‍රෝහීන් ඒවා කරන්න කැමැති නැහැ.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon