මේ ක්‍රමය වෙනස් නොකර ප්‍රභාකරන්ලා හිට්ලර්ලා ආවත් වැඩක් නෑ

  👤  3238 readers have read this article !
By mawbima 2018-07-12

ඉහළ දැමූ තෙල් මිලට එරෙහිව අඛණ්ඩ උද්ඝෝෂණ ක්‍රියාවලියක් අරඹන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කළේ ඉහළ දැමූ තෙල් මිලෙහි බර දරාගෙන තවදුරටත් ජනතාව නොසිටිය යුතු බවයි.

මෙවර ඉන්ධන මිල ඉහළ දැමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑමකින් නොවන අතර එය සම්පූර්ණයෙන්ම තෙල් සංස්ථාවේ පාඩුව පියවීමට කළ දෙයක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ ධ්ර්ණීඛ් සමාගම අනවශ්‍ය ලාභයක් උපයන අතර මාස දෙකකට වරක් ඉන්ධන මිල ඉහළ දැමීමේ සූත්‍රයෙන් ජනතාව බරපතළ අර්බුදයකට යෑම කිසිසේත්ම වැළැක්විය නොහැකි බව සිල්වා මහතා පෙන්වා දුන්නේය.

ඔහු පැවැසුවේ ඉන්ධන ගොඩබෑමේ සිට බෙදාහැරීම දක්වා මුළු ක්‍රියාවලියටම ආණ්ඩුව ඊට විශාල බදු අය කරමින් ජනතාවගේ මුදල් සූරා කන බවය.

ඔහු වැඩිදුරටත් පැවැසුවේ මෙවැනි දැඩි තීන්දු මේ ආණ්ඩුව මෙන්ම පෙර ආණ්ඩුවද ගත් බවත් හිට්ලර් හෝ ප්‍රභාකරන් හෝ කුමන පාලනයක් පැමිණියද මේ පවතින ආර්ථික ක්‍රමය වෙනස් නොකර කිසිදු විසඳුමකට යා නොහැකි බවය.

ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (11දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
වැඩිදුරටත් ඔහු මෙසේද කීය.

මේ මිල සූත්‍රය වැඩි කිරීමේ තක්කඩිකමක්. තෙල් මිල වැඩි වීම අනෙක් දේවල්වල මිල වැඩිවීම වගේ නෙවේ. ප්‍රවාහන ගාස්තු වැඩි වෙනවා. භාණ්ඩ ප්‍රවාහන ගාස්තු වැඩි වෙනවා. ඒ වගේම ධීවර ජනතාවට මෙය ඍජුවම බලපානවා. ඒ තුළ වෙළෙඳපොළේ මාළු මිල වැඩි වෙනවා. තව පැත්තකින් කෘෂිකර්මාන්තයට බලපානවා. කෘෂිකාර්මික භාණ්ඩ හරහා සමහර කර්මාන්තශාලා දුවන්නෙත් ඩීසල්වලින්. කොළඹ ගත්තොත් රැකියාවලට වැඩිපුරම යන්නෙ මෝටර් බයිසිකල්වලින්. තෙල් මිල අපේ මුළු ජීවිතයටම බලපාන බව දැන දැන ආණ්ඩුව මේ සෙල්ලම කරන්නෙ.

මේ ක්‍රියාමාර්ගය පරාජය කිරීමට ජනතාව පෙළගැසිය යුතුයි.

මිනිස්සු ඍජු බදු ගෙවන්නත් ඕනෑ. වක්‍ර බදු ගෙවන්නත් ඕනෑ. එකම සතා දෙපාරක් හම ගහනවා වගේ ජනතාවටත් මේ කරන්නෙ මහ බැංකුවේ වංචාව කෝටි ගාණක්. තෙල් ගෙන්වද්දී කළ වංචාවක් තියෙනවා. මේ අර්බුද නැති කරගන්න වංචා කරපු අයගෙන් අය කරගත යුතුයි. ආණ්ඩුව හොරු හුරතල් කරනවා. ජනතාව මත මේ පටවන අධික බරට එරෙහිව අපි අඛණ්ඩ උද්ඝෝෂණ මාලාවක් පවත්වනවා. එය බ්‍රහස්පතින්දා මහරගමින් හවස 5.00ට අරඹනවා.

එහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න සහ පිළිතුරු මෙසේය.

ප්‍ර - වරදකරුවන්ට මරණ දඬුවම ලබා දීම පිළිබඳ යෝජනාව ගැන ජවිපෙ ස්ථාවරය කුමක්ද?

පි - වැරැදි කරන අයට දඬුවම් දිය යුතුයි. මරණ දඬුවම දිය යුතු අයට ඒ දඬුවම දුන්නට කමක් නෑ. නමුත් ඒ වැරැදිවලට පොලඹවන පුද්ගලයන්ට දඬුවම් නොදී හෝ ඒ වටපිටාව වෙනස් නොකර ප්‍රශ්න විසඳන්න බෑ.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon