හයිඩේ‍රාලික් වාහන ඔසවනයක් තුළ එක්කෝටි අනූලක්‍ෂ අසූ දෙදහසක රත්රන් තොගයක් ගෙනා ඉන්දීය මගියා දැලේ

  👤  3150 readers have read this article !
By mawbima 2018-07-12

කටුනායක - ගයා තිරිමාදුර

රුපියල් එක් කෝටි අනූ ලක්‍ෂ අසූ දෙදහස් හයසිය තිහක් (19,082,630) වටිනා රත්රන් තොගයක් හයිඩේ‍රාලික් ජංගම වාහන ඔසවනයක් (ඩ්රඤපචභතඪජ මඥඩඪජතඥ ණචජඬ) තුළ සඟවා ගෙන ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියකු ඊයේ (11දා) අලුයම කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු වන මොහු ඊයේ අලුයම ඩුබායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති 'හරිත මාවත' ඔස්සේ ගුවන්තොටුපළෙන් පිටව යමින් සිටියදී ඔහුගේ ගමන් මල්ලේ තිබූ මෙම වාහන ඔසවනය තුළ සඟවා ගෙන තිබූ රත්රන් තොගය රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පැවැසීය.

එහි කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 013ක් බර රත්රන් කුට්ටි සහ ස්වර්ණාභරණ තොගයක් සඟවා ගෙන තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

රේගු අධිකාරි විපුල ප්‍රනාන්දු මහතා විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබූ අතර ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් රංජිත් ළමාහේවා මහතාගේ උපදෙස් මත කටුනායක ගුවන්තොටුපළ රේගු අධ්‍යක්‍ෂ ඕ.එම්. ජාබීර් මහතාගේ අධීක්‍ෂණය යටතේ රේගු නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වමින් සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon