ආණ්ඩුව පිහිටුවන විශේෂ අධිකරණයෙන් මගේ නඩු ටික මුලින්ම අහන්න

  👤  3424 readers have read this article !
By mawbima 2018-07-12

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යටතේ උතුරේ ත්‍රස්තවාදයත් දකුණේ පාතාලයත් නැති කළා. නීති විරෝධී මත් කුඩු ජාවාරමත් අවසන් කළා. මේ වෙනකොට මේ සියල්ල නැවත හිස ඔසවමින් තිබෙනවා. වත්මන් ආණ්ඩුව පාතාලය, කුඩු මර්දනය කිරීමට ඉදිරිපත් වූ හා නීතිය අකුරට ක්‍රියාත්මක කළ බුද්ධි නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඇතුළු සියලු දෙනා සිරගත කර ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ බිබිල මැදගම දී පැවැසීය.

බිබිල මැදගම රාජපූජිත පොතුබන්ධන රජමහ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සංඝාවාසය සඟසතු කිරීම විහාරාධිපති මහඔය ජිනරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි. ආගමික උත්සවයෙන් අනතුරුව මාධ්‍යකරුවන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එසේ පැවසූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

'රට පුරාම මිනීමැරුම් විශාල ලෙස සිදුවෙනවා. පොලිසිය පවසන්නේ මේවා කුඩු හා සම්බන්ධව සිදුවන අපරාධ කියලා. මේවා පාලනය කිරීමට රජය අනිවාර්යයෙන්ම මැදිහත් විය යුතුයි. නැවතත් අපරාධ ඇති වී ගෙන එන බවයි පෙනී යන්නේ. ඒ තුළින් ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුම් කරනවා.

ජනාධිපතිවරණයට තරග කරනවාදැයි මාධ්‍යකරුවකු ඇසූ පැනයට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසා සිටියේ තමන්ගේ ඉදිරි දේශපාලන ගමන පිළිබඳව තීරණය ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතේ බවයි.

බන්ධනාගාරයේ කැරැල්ලක් ඇති වුණා. එතැන හිටපු කුඩු පාතාලේ අය ඝාතනය වුණා කියලා හමුදාවේ, බන්ධනාගාරේ බුද්ධි අංශ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනකුත් කිසිම හේතුවක් නැතිව අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ ආණ්ඩුව කරන්නේ කුඩු නැති කරන්න කටයුතු කරපු නිලධාරීන් පසුපස එළවනවා මිසක් ඒවා කරන අය පසුපස එළවන පාටක් පේන්න නෑ.

විශේෂ අධිකරණයක් තුළ පළමුව ගෙන්වන්නේ ගෝඨාභය බවට පළවන අදහස් සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියා සිටියේ, බොහෝම සන්තෝෂයි. මම ඉල්ලා හිටිනවා මට තියෙන නඩු මුලින්ම ගන්න කියලා.

වැල්ලවාය - ජී.අයි. රොෂාන්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon