20න් පහළ ෆින්ලන්ත ලෝක මලල ක්‍රීඩා තරගාවලියේදී අරුණ හා අමාෂා අවසන් පූර්ව වටයට පනිති

  👤  3040 readers have read this article !
By mawbima 2018-07-12

විචිත්‍ර වීරසිංහ

ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර පැවැත්වෙන අවුරුදු 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දෙවැනි දිනය වන ඊයේ (11දා) දිනයේදී ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තුවක් තබා තිබෙන අරුණ දර්ශන හා අමාෂා ද සිල්වා ඔවුන් සහභාගි වූ පළමු වටයේ තරගවලදී දැක්වූ දක්‍ෂතා හේතුවෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ.
ඒ අනුව ඊයේ දිනයේදී මීටර් 400 බාලක තෙවැනි මූලික වටයේ තරගය සඳහා 8 වැනි මංතීරුවෙන් තරගවැදුණු අරුණ දර්ශන තත්. 46.81ක කාලයක් සටහන් කරමින් කිසිදු අපහසුවකින් තොරවම පළමු වැනියා බවට පත්වූ අතර, අරුණ දර්ශන සටහන් කළ මෙම කාලය මූලික වටය සඳහා සහභාගි වූ තරගකරුවන් 44ක් අතරින් 6 වැනි හොඳම කාලය බවටද පත්වී තිබිණි.

මේ අතර ඊයේ මීටර් 100 බාලිකා සිවුවැනි මූලික වටයේ තරගයට සහභාගි වූ අමාෂා ද සිල්වා තත්. 11.75ක කාලයක් සටහන් කරමින් පස්වැනියා බවට පත්වුවද එම වටයේ තරග වැදුණු තරගකාරියන් 37ක් අතරින් හොඳම කාලය සටහන් කළ 19 වැනියා බවටද පත්වූවාය.

කෙසේ වෙතත් තරගාවලියේ තෙවැනි දිනය වන අද දිනයේ පස්වරුවේදී අරුණ දර්ශන හා අමාෂා ද සිල්වා අවසන් පූර්ව වටයේ තරග සඳහා මුහුණ දීමට නියමිතව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon