ලෝක කුසලානයෙන් ඉවතට ගිය රොනාල්ඩෝට ඉල්ලමක් පෑදෙයි

  👤  3304 readers have read this article !
By mawbima 2018-07-12

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයකු ලෙස සැලකෙන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායමෙන් ඉවත්ව ඉතාලි පාපන්දු කණ්ඩායමක් වන ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායම සමඟ වසර 4ක නව කොන්ත්‍රාත් ගිවිසුමකට එළැඹ ඇති අතර යුරෝ මිලියන 112ක් වූ එම කොන්ත්‍රාත් ගිවිසුම පාපන්දු ඉතිහාසයේ සිවු වැනි වැඩිම වටිනාකමකින් යුතු කොන්ත්‍රාත් ගිවිසුම ලෙසද වාර්තා අතරටද එක්විය.

කෙසේවෙතත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2009 වසරේ සිට 2018 වසර දක්වා රියල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායම නියෝජනය කළ කාලය අතරතුරදී එම කණ්ඩායමට චැම්පියන්ස් ලීග් ශූරතා 4ක් හිමිකර දෙන්නට දායකත්වය සපයා ඇති අතර ඔහු තරග 438කට ක්‍රීඩා කරමින් ගෝල 450ක් ලබාගෙන රියල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල ලබාගෙන ඇති ක්‍රීඩකයා බවටද පත්ව ඇත.

තවද ඔහුගේ මෙම කොන්ත්‍රාත් ගිවිසුමේ වටිනාකමට ඉහළින් ඇති ගිවිසුම් ලෙස සැලකෙන්නේ බ්‍රසීල ක්‍රීඩක නේමාර් බාසිලෝනා කණ්ඩායමේ සිට පැරිස් සා.ජර්මේන් කණ්ඩායමට සම්බන්ධ වූ යුරෝ මිලියන 222ක කොන්ත්‍රාත් ගිවිසුම, ප්‍රංශ ක්‍රීඩක කිලියන් එම්බපේ මොනාකෝ කණ්ඩායමේ සිට පැරිස් සා.ජර්මේන් කණ්ඩායමට සම්බන්ධ වූ යුරෝ මිලියන 145ක කොන්ත්‍රාත් ගිවිසුම හා බ්‍රසීල ක්‍රීඩක පිලිපේ කෝටිනියෝ ලිවර්පූල් කණ්ඩායමේ සිට බාසිලෝනා කණ්ඩායමට සම්බන්ධ වූ යුරෝ මිලියන 120ක කොන්ත්‍රාත් ගිවිසුම පමණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon