දෙවැනි දිනයේත් සියලු ගෞරව ලංකාවට

  👤  3080 readers have read this article !
By mawbima 2018-07-12

සංචාරක ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම සහ බංග්ලාදේශ 'ඒ' කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (11දා) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ 'ඒ' කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 57ක් රැස්කර ගැනීමට සමත් විය. ඒ අනුව දෙවැනි දිනය නිමා වන විට බංග්ලාදේශ 'ඒ' කණ්ඩායම ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ පළමු ඉනිමට වඩා කඩුලු 9ක් අතැතිව තවත් ලකුණු 88ක් පසුපසින් සිටී.

බංග්ලාදේශයේ සිලෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායමේ සියලුදෙනා ලකුණු 167කට දැවී ගිය අතර ෂෙහාන් ජයසූරිය, මලින්ද පුෂ්පකුමාර සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 බැගින් බිඳහෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සියල්ලන් දැවීගොස් ලකුණු 312ක් ලබා ගැනීමට සමත් වූ අතර එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ෂෙහාන් ජයසූරිය ලකුණු 142ක් ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේදී ඔහුට අනගි සහයක් දැක්වූ ශම්මු අශාන් ලකුණු 60ක් සහ මනෝජ් සරච්චන්ද්‍ර ලකුණු 33ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.

ලකුණු සාරාංශය

බංග්ලාදේශ පළමු ඉනිම _ (පන්දුවාර 62.3 කදී සියල්ලන් දැවී) ලකුණු 167 (ප්‍රභාත් ජයසූරිය 12/3, මලින්ද පුෂ්පකුමාර 48/3, ෂෙහාන් ජයසූරිය 47/3)
ශ්‍රී ලංකා පළමු ඉනිම _ (පන්දුවාර 81.1කදී සියයල්ලන් දැවී) ලකුණු 312 (ෂෙහාන් ජයසූරිය 142, ශම්මු අශාන් 60)
බංග්ලාදේශ දෙවැනි ඉනිම _ 57/1 (මලින්ද පුෂ්පකුමාර 22/1)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon