කෝටි 12ක කුඩු සේරුවාවිලෙන් අල්ලයි

  👤  3050 readers have read this article !
By mawbima 2018-07-12

කුමුදු උපුල් ශාන්ත, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

සේරුවාවිල මාවඩිච්චේන ප්‍රදේශයේ වී මෝලක වී ගෝනි තුළ සඟවා තිබූ රුපියල් මිලියන 118ක් වටිනා හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (11දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉහත කී ප්‍රදේශයේ පදිංචි මහේන්ද්‍රන් කෝනේශ්වරන් (34) හා නවලිංගම් සුරේෂ් කුමාර් (41) නමැති සැකකරුවන් දෙදෙනෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර කිලෝ 09යි ග්‍රෑම් 900ක හෙරොයින් එහි තිබී ඇති බවද එම මත්ද්‍රව්‍ය තොගය විශාල පාර්සල් 22ක් තුළ සඟවා තිබී ඇති බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon