වෛද්‍ය වැඩ වර්ජනය ඉවරයි ලේ බැංකුවේ වැ. බ. අධ්‍යක්ෂ ධුරයෙන් පහකරයි

  👤  3049 readers have read this article !
By mawbima 2018-07-12

ජේ.ටී. ද සිල්වා

ජාතික රුධිර පාරවිලයන ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයට ස්ථාන මාරුකර ඇත.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ජනක සුගතදාස විසින් යවා ඇති එම ස්ථාන මාරු ලිපියෙහි පරිපාලන අවශ්‍යතා හේතුවෙන් තාවකාලික පදනම මත සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරන බවත් ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) 1 වෙත රාජකාරි සඳහා වාර්තා කරන ලෙසත් සඳහන් කර ඇත.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ රාජකාරි, වෛද්‍ය පී.ඩබ්ලිව්.ඩී.එච්. සරණජීව මහත්මිය වෙත භාරදෙන ලෙසද එම ලිපිය මඟින් දන්වා ඇත.

ජාතික රුධිර පාරවිලයන සේවයේ වැඩබලන අධ්‍යක්ෂවරයාගේ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් වෛද්‍යවරු ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගයද මේ ස්ථාන මාරු කිරීම නිසා අත්හිටුවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ "මව්බිම"ට පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon