ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය කලුරිය කරයි

  👤  3129 readers have read this article !
By mawbima 2018-07-12

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

ප්‍රකට නීතිවේදියකු, දේශකයකු, ප්‍රවීණ ලේඛකයකු හා සමාජ විශ්ලේෂකයකු වූ වර්ණකුලසූරිය මහතා මියයන විට හැත්තෑ හතර වැනි වියේ පසුවිය.

වර්ණකුලසූරිය මහතා කලක් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා ආන්දෝලනාත්මක නඩු රැසකට පෙනී සිටීම හේතුවෙන් රටේ බොහෝ දෙනකු අතර විශේෂ අවධානයට ලක්විය.

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණගේ මාමණ්ඩියද වන වර්ණකුලසුරිය මහතා දිවංගත ජනප්‍රිය ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාල මහතාගේ මස්සිනාද වෙයි.

ජනප්‍රිය ගුවන්විදුලි ශිල්පිනි අයිරාංගනි වර්ණකුලසූූරිය මහත්මිය වර්ණකුලසූරිය මහතාගේ බිරිය වෙයි.

දේහය කොළඹ 10 නොරිස් කැනල් පාරේ අංක 47 හි පිහිටි නිවෙසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන සෙනසුරාදා (14දා) පස්වරු 4.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව ඥාතීහු දන්වා සිටිති. 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon