ඒකාබද්ධ විපක්ෂයට නිසි පිළිගැනීමක් දෙන ලෙස කතානායකගෙන් ඉල්ලනවා

  👤  3073 readers have read this article !
By mawbima 2018-07-12

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 70දෙනකු ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව ක්‍රියාකරන නිසා එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අදාළ වන සියලුම අයිතිවාසිකම් පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයට හිමිකර දෙන ලෙසට කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා "මව්බිම"ට ප්‍රකාශ කළේ ලබන පාර්ලිමේන්තු සැසියේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ විවාද සඳහා කාලය වෙන් කිරීමේදී මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 70 දෙනා වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර කාලයක් වෙන්විය යුතු බවත් පාර්ලිමේන්තුවේ විවිධ කමිටු නියෝජනය කිරීමේදී මේ අනුව ඒකාබද්ධ විපක්ෂයට සැලකිය යුතු නියෝජනයක් අවශ්‍ය බවත් මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයද ඒකාබද්ධ විපක්ෂයට හිමිවිය යුතුව තිබුණද තවමත් එය ලබා නොදී සිටීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

දැනට විපක්ෂ නායක ධුරය ලබා නොදුන්නද විපක්ෂයේ නියම භූමිකාව ඉටුකරනු ලබන ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුව තුළ නිසි පිළිගැනීම ලබාදෙන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon