ත්‍රිකුණාමලයේ මහා සංවර්ධන සැලැස්මත් සමඟ හම්බන්තොට වරායටද සුවිශේෂී තැනක් හිමිවෙනවා

  👤  535 readers have read this article !
By mawbima 2018-07-12

උපතිස්ස පෙරේරා

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහා සංවර්ධන සැලැස්ම සුබානා ජුරොං ආයතනයට භාරදීම හරහා ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයට පත් කිරීමේ වැඩසටහන අදින් ආරම්භ වන බවත් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය ලෙස පැවති අතීත අවධියේ බටහිර හා නැඟෙනහිර වරායන් ගණනාවක් ක්‍රියාත්මක වූ ආකාරයට වර්තමානයේද ඉන්දියන් සාගරයේ ආර්ථික සංවර්ධනය පිළිබඳව අවධානය යොමුකරන විට කොළඹ වරායට මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත හම්බන්තොට වරායටද සුවිශේෂී ස්ථානයක් හිමිවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන මහා සැලැස්ම සුබානා ජුරොං ආයතනයට භාරදීම නිමිත්තෙන් ඊයේ (11දා) අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ උත්සවයේදී ඒ බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසුවේය.

මෙම සැලැස්ම යටතේ ඉන්දියාව, පාකිස්ථානය, ඉරානය ආදී රටවලට ද වැදගත්කමක් හිමි වෙනවා. සුවිස් ඇළ හරහා සිංගප්පූරුව දක්වා ගමන් කරන නෞකා ස¼දහා අවශ්‍ය සේවා සපයමින් ඉන් ආර්ථිකමය වාසි ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. වසර 2050 පමණ වනවිට බෙංගාල බොක්ක ආශි්‍රත ජනගහනය බිලියන 3කට සමාන වෙනවා. එවිට එහි විශාල දියුණුවක් ඇති වෙනවා. ඒ වනවිට ශ්‍රී ලංකාවේ නැඟෙනහිර ‍ෙදාරටුව ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කළ යුතුයි.

2015 දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව බලයට පැමිණියේ මුළු රටම දියුණු කිරීමටයි. එහිදී අප මූලිකවම අවධානය යොමු කළේ බස්නාහිර සංවර්ධනයටයි. රටේ දියුණුව ර¼දා පවතින්නේ බස්නාහිර සංවර්ධනය මතයි. එමෙන්ම රටේ මුහුදුබඩ තීරුව සංවර්ධනය කිරීමටත්, කොළඹ සිට මහනුවර දක්වා අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කර ඒ හරහා එම ප්‍රදේශය දියුණු කිරීමටත් අපි වැඩකටයුතු ආරම්භ කළා. මෙම සංවර්ධන වැඩකටයුතු සිදුකරන අතරතුර අප රටේ අනෙකුත් ප්‍රදේශ අමතක කළේ නැහැ.

අප ලබාදුන් වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ බටහිර, නැඟෙනහිර ආර්ථික තීරු පදනම් කර ගනිමින් ත්‍රිකුණාමලය දක්වා සංවර්ධන වැඩකටයුතු සිදුකිරීමටත් නුවර සිට ත්‍රිකුණාමලය දක්වා මහා මාර්ගය ඉදිකිරීමටත් ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලබාගත්තා. එමෙන්ම සුබානා ජුරොං සැලැස්ම හරහා ත්‍රිකුණාමලයේ දියුණුව ඇති කිරීමත් අපගේ සැලසුම වී තිබෙනවා. ඉදිරි වසර 10 - 15ක කාලය සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සැලසුම් මෙම ත්‍රිකුණාමලය සංවර්ධන සැලැස්මට ඇතුළත් වී තිබෙනවා. ඉන් පසුව අපට සංවර්ධනය කිරීමට ඉතිරි වන්නේ යාපනය දිස්ත්‍රික්කය පමණයි.

මෙම සැලැස්ම සකස් කිරීම වෙනුවෙන් වැඩ කටයුතු කළ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයටත්, අමාත්‍යතුමාටත් මගේ විශේෂ ස්තූතිය පිරිනමනවා. ඒ වගේම එම සැලැස්ම සකස් කළ සිංගප්පූරුවේ සුබානා ජුරොං ආයතනයටත් මම අවසාන වශයෙන් ස්තුතිවන්ත වෙනවා.

මෙම අවස්ථාවට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, විපක්ෂ නායක ආර්. සම්පන්දන්, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන මහත්වරු ප්‍රමුඛ දේශපාලනඥයන්, සුබානා ජුරොං ආයතනයේ නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon