සුවිශේෂී දක්ෂතා ඇති සිසුන් දහසකට "සුභග ශිෂ්‍යත්ව" මාස 20ක් සඳහා රු. 50,000ක මූල්‍යාධාර

  👤  478 readers have read this article !
By mawbima 2018-07-12

දයා පෙරේරා

ක්‍රීඩා, සෞන්දර්ය හා නව නිපැයුම් ක්ෂේත්‍රවලින් 2017 වසරේ සුවිශේෂ දක්ෂතා දක්වා ඇති සිසුන් දහසකට සුභග ශිෂ්‍යත්ව පිරිනැමේ.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන අමාත්‍යාංශයට හඳුන්වා දුන් සංකල්පයක් අනුව මේ ශිෂ්‍යත්වයක් හිමිකර ගන්නා සෑම සිසුවකුට සිය දස්කම් වර්ධනය කර ගැනීම සඳහා මාස විස්සක කාලයකට රුපියල් 50,000ක මූල්‍යාධාරයක් හිමිවන බව අමාත්‍යාංශය කියයි.

මේ ශිෂ්‍යත්ව ලබාගන්නා පළමු කණ්ඩායමට අගමැති රනිල් වික්‍රමසිංහ අතින් අරලියගහ මන්දිරයේදී අද (12දා) ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුකිරීමට නියමිතය.

වසරක් පාසා මේ ශිෂ්‍යත්ව දිනාගැනීම සඳහා නිර්මාණශීිලී සුවිශේෂී හැකියා පෙන්වන දරුවන්ට ඉඩ ලැබෙන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් "මව්බිම"ට කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon