රියැදුරු ලිඛිත පරීක්ෂණය අද සිට පරිගණක ස්පර්ශ තිරයෙන්

  👤  531 readers have read this article !
By mawbima 2018-07-12

උපතිස්ස පෙරේරා

මෙතෙක් පැවැති රියැදුරු ලිඛිත පරීක්ෂණය පරිගණක ස්පර්ශ තිර ආධාරයෙන් සිදුකිරීම අද (12දා) පෙරවරු 9.00ට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ඇරැඹෙයි.

මෙම පරීක්ෂණය සඳහා වරකට අයැදුම්කරුවන් 150කට පමණ අවශ්‍ය පරිගණක පහසුකම් සලසා ඇති අතර දිනකට පරීක්ෂණ වාර 4ක් පමණ පැවැත්වීමටත් පරීක්ෂණය අවසානයේ එහි ප්‍රතිඵල අයැදුම්කරුවන්ට ලබාදීමටත් පියවර ගෙන ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.

මෙම පරීක්ෂණ විධිමත්ව පැවැත්වීම සඳහා පරිගණකගත ප්‍රශ්න පත්‍ර බැංකුවක් ස්ථාපනය කර ඇති අතර අක්‍රමිකතා සිදුවීමට ඇති අවස්ථා සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon