එජාප මන්ත්‍රිවරුන්ගේ ඡන්ද පෙත්සමේ විරෝධතා 30දාට පෙර ගොනු කරන්න

  👤  400 readers have read this article !
By mawbima 2018-07-12

කේ.එස්. උදය කුමාර්

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී මහරගම නගර සභාව සඳහා බයිසිකලය ලකුණෙන් තරග කර ජයගත් ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රිවරු 23 දෙනාගේ පත්වීම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් ඉදිරිපත් කරන ලද ඡන්ද පෙත්සමට අදාළ විරෝධතා මේ මස 30 වැනිදා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (11දා) වගඋත්තරකාර පාර්ශ්වයට නියම කළේය.

මෙම ඡන්ද පෙත්සම ඉදිරිපත් කරන පැමිණිලිකාර එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රිවරු අධිකරණය හමුවේ කියා සිටින්නේ පළාත් පාලන මැතිවරණ පනතට අනුව ගමේ පළාත් පාලන ආයතනයක මන්ත්‍රි ධුරයක් සඳහා තේරී පත්වන අයකු එම පළාත් පාලන ආයතන සීමාව තුළ පදිංචිකරුවකු විය යුතු බවට නීතියක් පනවා ඇති බවයි.

එහෙත් මහරගම නගර සභාව සඳහා "බයිසිකලය" ලකුණින් තරග කර තේරීපත්වූ ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රිවරුන්ගෙන් බහුතරය මහරගම නගර සභා බල ප්‍රදේශයෙන් පරිබාහිර ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් නීතියට අනුව ඔවුන්ට මන්ත්‍රි ධුරයක් දැරීමට හැකියාවක් නොමැති බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

"බයිසිකලය" ලකුණින් තරග කළ එම ස්වාධීන කණ්ඩායමේ නාම යෝජනා පත්‍රය තුළ මන්ත්‍රි ධුරයක් දැරීමට නුසුදුසු පුද්ගලයන් රැසක් සිටින හෙයින් එම නාම යෝජනා පත්‍රය හරහා තේරී පත්වූ සියලුම මන්ත්‍රිවරුන්ගේ පත්වීම් අහෝසි කරන ලෙසද පෙත්සම්කරුවෝ කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon