නිවාස ලබාදෙනවා කියා මුජිබර් රහුමාන් මන්ත්‍රිගේ නම විකුණා ලක්ෂ 50කට වැඩි මුදල් ගරා අසුවෙයි

  👤  377 readers have read this article !
By mawbima 2018-07-12

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

තමාගේ නම යොදාගනිමින් නිවාස ලබාදෙන බව පවසමින් මිනිසුන්ගෙන් රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වංචනිකව ලබාගත් පුද්ගලයකු කෙසෙල්වත්ත පොලිසිය මඟින් ඊයේ (11දා) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ක්‍රියාකරමින් සිටි බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා "මව්බිම"ට ප්‍රකාශ කළේය.

අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා තමාගේ නම යොදාගනිමින් රජයේ නිවාස ලබාදෙන බව පවසමින් 15 දෙනකුගෙන් පමණ මුදල් ලබාගෙන ඇති බවට තමාට කිහිපදෙනකුම කරුණු ඉදිරිපත් කළ බවත් එම කරුණු සැලකිල්ලට ගෙන කෙසෙල්වත්ත පොලිසියට තමා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළ බවද මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා පැවැසීය.

ඒ අනුව පරීක්ෂණ කටයුතු සිදුකර සැකකරු කෙසෙල්වත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රාහුමාන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon