ටෙනිස් බෝලයකට කුඩු දමා සිරකරුවන්ට විසිකළ කාන්තාවට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

  👤  451 readers have read this article !
By mawbima 2018-07-12

කේ.එස්. උදයකුමාර්

ටෙනිස් බෝලයක් තුළ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.19ක් සඟවා එම බෝලය වැලිකඩ බන්ධනාගාරය තුළ සිටින සිරකරුවන් වෙත විසිකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විවාහක කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය විසින් ඊයේ (11දා) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලදී.

මෙසේ සිර දඬුවම් නියම වුණේ කොළඹ, බොරැල්ල සීවලි මාවතේ පදිංචි එච්. හිරුණි අල්විස් නමැති 33 හැවිරිදි විවාහක කාන්තාවකටය.

2011 වසරේ ජනවාරි මස 20 වැනිදා ටෙනිස් බෝලයක් තුළ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.19ක් සඟවා එම මත්කුඩු බන්ධනාගාරය තුළ සිටින සිරකරුවන් වෙත ලබාදීම සඳහා අදාළ ටෙනිස් බෝලය වැලිකඩ බන්ධනාගාරය තුළට විසිකළේ යැයි සැකපිට මෙම කාන්තාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් අතර පසුව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත්කළ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ප්‍රකාශ කළේ විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.

ඒ අනුව විත්තිකාරියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවද විනිසුරුවරිය නියෝග කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon