සොයා දෙන්න

  👤  495 readers have read this article !
By mawbima 2018-07-12

නාත්තණ්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත

තම බිරිය පසුගිය වසරේ නොවැම්බර් මස 11 වැනිදා සිට අතුරුදන්වී ඇති බව මුන්දලම - සපිරිගම පදිංචි පී. සෙල්වේන්ද්‍රන් යන අය මුන්දලම පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇත.

අතුරුදන් වී ඇත්තේ නවසියායම් ශශිකලා (අවු:34) නම් වූ දෙදරු මවකි. ඇය කොළඹ ප්‍රදේශයේ නිවෙසක ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිට ඇත. නිවෙසේ සිට සේවා ස්ථානයට ගිය තම බිරිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් නොමැති බවද පැමිණිලිකරු පොලිසිය හමුවේ පවසා ඇත.

අඩි 5යි අඟල් 03ක් පමණ උසැති ඇයගේ නළලේ සහ වම් අතේ සුවවූ තුවාල කැළලක් දක්නට ඇති බවද පැමිණිලිකාර සැමියා සඳහන් කරයි.

මෙම කාන්තාව සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් මුන්දලම පොලිසියට හෝ 072 4461156 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද පැමිණිලිකාර පී. සෙල්වේන්ද්‍රන් යන අය ඉල්ලීමක් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon