මුල්ම ආයුර්වේද කෞතුකාගාරය දඹානේදී විවෘත වේ

  👤  377 readers have read this article !
By mawbima 2018-07-12

ආරියරත්න ගනේගොඩ

මෙරට මුල්ම ආයුර්වේද කෞතුකාගාරය මේ මස 20 වැනිදා උදේ 10.00ට දඹානේදී විවෘත කෙරේ.

මහියංගණය මහඔය අම්පාර මාර්ගයේ 89 වැනි හා 90 වැනි කිලෝමීටර් කණු අතර පිහිටා තිබෙන වෙල්පල්ලේවෙල දමන හන්දියෙන් හැරී මාදුරුඔය ජාතික වනෝද්‍යානය මාර්ගයේ ගමන් ගනිද්දී හමුවන බෝගහ ළඟ ඉඩම් යායේදී මේ කෞතුකාගාරය ඉදිකර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, සෞඛ්‍ය හා පෝෂණ ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න, ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක, දඹානේ වැදි ජන නායක යූ.ඩබ්ලිව්. වන්නියා මහත්වරුන් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon