ජීවිතේ අන්තිම කාලේ ගත කරන්න කාමරයක් හදා දෙන්න

  👤  3614 readers have read this article !
By mawbima 2018-07-13

මැදවච්චිය - ගයාන්

මැදවච්චිය, උල්පත්ගම, කෝන්ගොල්ලෑව ගම්මානයේ දුක සතුටට පරිවර්තනය කර ගනිමින් ජීවිතයේ 95 වැනි විය පසු කරමින් ජීවත් වන යූ. සුරබා ගොවි මහතාගේ සහ 80 වැනි විය පසු කරමින් සිටින කේ. කිරිවස්තු මෑණියගේ අවිහිංසක බලාපොරොත්තුවක් පිළිබඳ අපට වාර්තා විය.

එම පුවත වාර්තාකරණයට එහි ගිය අපටද නෙතට කඳුළක් උනන්නට වූයේ මෙම මවුපිය යුවළ දරුවන් 16 දෙනෙකුගේ මව, පියා වූනිසාවෙනි. දස මසක් කුසෙහි දරා මෙලොවට බිහිකර ඇකයේ හොවා ලේ කිරිකර පොවා ආදරයෙන් උස් මහත් කර ගත් දුවා දරුවන් දහසයක් මේ මවුපියන් දෙපළටද සිටිති.

එහි ගිය අප දුටුවේ තහඩු සෙවිලි කළ පුංචි පැල්පතක අඩි දෙකක් පමණ ‍ෙදාරකින් යුත් කාමරයක් ඇතුළත, ඇඳක ගුළි ගැසෙමින් සිටි 95 වැනි විය පසු කරමින් ජීවත් වන යූ. සුරබා ගොවි මහතාය. ගෙයි ගෙපිළෙහි පන් පැදුරක් එළාගෙන එහි වාඩිවී සිටි 80 වැනි විය පසු කරමින් සිටින කේ. කිරිවස්තු මෑණියන් සමඟ අපි තොරතුරු කතාබහ කළෙමු.
ඇය මහත් කම්පනයකින් සිටින බව එහි සිටි ඇයගේ දුවක වන එස්. ඥානවතී මහත්මිය අපට පැවැසුවාය. ඉන් පසු ඥානවතී මහත්මිය අප හට මෙසේ පැවැසුවාය.

අම්මා ඉන්නේ ලොකු දුකකින්. එයා නිතරම අප්පච්චි සහ දරුවන් ගැන කල්පනා කරනවා. අපි ඉන්නේ මේ පුංචි පැල්පතේ. අම්මයි, අප්පච්චියි දෙන්නම දැන් හුඟාක් වයසයි. ඒ වගේම ලෙඩ දෙන්නටම. හදිසියේ කරදරයක් වුණොත් මිනියවත් තියාගන්න අපට තැනක් නැහැ. මේ දෙන්නා මේ තැනට හරිම ආදරෙයි. වැස්සට තෙමෙනවා. අව්වට රස්නෙයි. හරිම අපහසුවෙන් තමයි අපි මේ දෙන්නව රැක බලා ගන්නේ. දරුවෝ 16 දෙනෙක් ඉන්නවා මේ දෙන්නට. ඒ අය වෙනමම ජීවත් වෙනවා.

මම ඉල්ලීමක් කරනවා පුළුවන්කමක් තියෙනවා නම් අපිට මේ අම්මගෙයි, අප්පච්චිගෙයි අවසන් කාලය හරි සතුටින් ජීවිතය ගත කරන්න පුළුවන් වන විදියේ එක කාමරයක් සිමෙන්තියෙන් හදලා දෙන්න කියලා. මේ මැටි බිත්තිවලට දැන් අවුරුදු 40ක් පමණ වෙනවා. ඒවත් හරිම අබලන්. අපට හදිසි කරදරයක් වුණොත් එහෙම වෙන්න කියලා මම කියනවා නෙවෙයි. වුණොත් මිනිය තියාගන්න තැනක් නැහැ. හැකිනම් දානපති මහත්මයෙක් හෝ මහත්මියක් අපට ආධාරයක් කර දෙන්න මේ පුංචි පැල්පතින් එක කාමරයකට යන්න.

ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට දුරකථන අංක 0716992048 මඟින් හැකිවේ. බැංකු ගිණුම් අංක 096-2-001-6-0040-76 (මහජන බැංකුව) මුදල් ආධාර ලබාදීමට හැකියාව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon