ඩෙංගු මදුරුවා යළි හිස ඔසවයි

  👤  3428 readers have read this article !
By mawbima 2018-07-13

දයා පෙරේරා

මේ දිනවල පවතින වැසි තත්ත්වය සමඟ ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි.

සෑම සිකුරාදා දිනකම උදේ 11 සිට 11.30 දක්වා පැය භාගයක් පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන, නිවාස සහ පොදු ස්ථානවල මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීමේ වැඩසටහනක් අරඹන්නැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවට අවධාරණය කරයි.

ඒ අනුව සෑම පාසලකම උදේ පැය භාගයක කාලයක් ඒ වෙනුවෙන් වෙන් කරන ලෙසද එම ඒකකය දැනුම් දෙයි.

දැනට සක්‍රිය වී ඇති නිරිත දිග මෝසම් වර්ෂාව සමඟ ඩෙංගු රෝගීන් වැඩි වීමක් පෙන්වන බවත් මේ තත්ත්වය අවම කර වසංගත තත්ත්වයක් වැළැක්වීම සඳහා කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, යාපනය, වවුනියාව, ත්‍රිකුණාමලය හා මඩකළපුව යන දිස්ත්‍රික්ක අටේ මදුරු මර්දන විශේෂ වැඩසටහනක් අද (13දා) පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon