ඉල්ලීම් හයක් මුල්කර ගනිමින් හෙද හෙදි විරෝධතාවක්

  👤  3559 readers have read this article !
By mawbima 2018-07-13

උදයන්ති මුණසිංහ
ඡායා - සස්සඳ ලියනආරච්චි

හෙද හෙදියන්ගේ නොවිසඳුණුප්‍රධාන හෙද ගැටලු හයක් මුල් කරගනිමින් සමස්ත ලංකා හෙද සංගමය විසින් පෙරේදා (11දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වීය.

"හෙද ව්‍යවස්ථාව වහා සංශෝධනය කරනු, හෙද සේවාවට දේශපාලන පත්වීම් එපා, හෙද හෙදියනි සේවාව බේරාගැනීමට පෙරට එන්න" යන සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් තුන්සිය පනහකට අධික පිරිසක් කොළඹ ජාතික රෝහල අසල සිට පාගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ මෙලෙස විරෝධතාවෙහි නිරත විය.

හෙද සේවාවට බඳවා ගැනීමේදී මෙතෙක් පැවැති විද්‍යා විෂය ධාරාවෙන් අවම එස් තුන යටතේ සිදුකළ බඳවා ගැනීමෙන් බැහැරව කලා සහ වාණිජ විෂය ධාරාවලින් හෙද සේවාවට බඳවා ගැනීමට සෞඛ්‍ය ඇමැතිවරයා විසින් හොර රහසේ කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙන බවත් එය වහා හකුළා ගැනීමට කටයුතු කළ යුතු බවත් මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ජාතික සංවිධායක සහ වැඩබලන සභාපති එච්.එම්.එස්.බී. මැදිවත්ත මහතා අවධාරණය කළේය.

දින 14ක් ඇතුළත අදාළ ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් රට පුරා සියලු රෝහල්වල හෙද හෙදියන් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවද මැදිවත්ත මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon