පොලිස් මාධ්‍ය ප්‍රකාශක අපරාධකරුවන් ආරක්ෂා කරනවා

  👤  3577 readers have read this article !
By mawbima 2018-07-13

අධිකරණයේ නඩුවක බී වාර්තාව ස¼දහා ගොනු කළ යුතු කරුණු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය ඉදිරිපිට පැමිණ ප්‍රකාශ කිරීමෙන් අපරාධකරුවන් ආරක්ෂා කිරීමට ආණ්ඩුව දරන උත්සාහයන් පැහැදිලි වන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් පවසයි.
පිටකෝට්ටේ පිහිටි එම පක්ෂයේ මූලස්ථානයේදී ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවැසුවේය.

එම මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

ජනතාව මත අධික ලෙස බදු බර පටවන මේ ආණ්ඩුව මිල සූත්‍රය මොකක්ද කියන එක නොපෙන්වා ඉන්ධන මිල වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. මේ ආකාරයෙන් තමන් වැඩි කරන හැමදේකටම හේතුවක් සපයන්න නම් මේ ආණ්ඩුව දක්ෂයි. පසුගිය ආණ්ඩු කාලේ ගත්ත ණය වැඩි නිසා ඒවා ගෙවන්න තමයි බදු ගහන්නේ කියලා අගමැතිවරයා කියනවා. එක් ආණ්ඩු කාලයක් තුළ ලංකාවේ වැඩිම ණය බරතාවක් ඇති කරගත්ත ආණ්ඩුව තමයි මේක. මේ ණය ගෙවාගන්න බැරිව හැම පැත්තෙන්ම ජනතාව හිරකරලා සල්ලි උපයන්නවා.

මංගල සමරවීර ඇමැතිවරයා මේ මිල සූත්‍රය හදල තියෙන්නේම වැඩියෙන් උපයගන්න. ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලය ඩොලර් 72කට තියෙද්දි තමයි මෙහේ රුපියල් 145කට ඉන්ධන ලීටරයක් දෙන්නේ. එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලය ඩොලර් 121ට තියෙද්දි මෙහේ ලීටරයක් රුපියල් 153කට ලබාදුන්නා. එදා තිබුණු ගාණට අද බොරතෙල් බැරලය ගන්න ගියොත් මේ මිල සූත්‍රය අනුව ලංකාවේ මිනිසුන්ට තෙල් ලීටරයක් ගන්න වෙන්නේ රුපියල් 243කට. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සාපේක්ෂව අඩුවෙලා තියෙද්දිත් ජනතාවට ඒ වාසිය ලබා දෙන්න මේ ආණ්ඩුව කටයුතු කරන්නේ නෑ.

ඒ සාපේක්ෂ අඩුවීම මත මේ රජය බිලියන ගාණක් ඉතුරු කරගත්තා. ඒ සල්ලිවලට මොකද වුණේ?

මේ ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ පාතාල ක්‍රියාකාරකම්වල වැඩිවීමක් සිද්ධ වුණා. ගිය මාස එකහමාර තුළ මහජන නියෝජිතයන් තුන්දෙනෙක් මැරුවා. මාස පහක කාලය තුළ රට තුළ මංකොල්ලකෑම් 1260ක්, ස්ත්‍රී දූෂණ 734ක්, මරණ 214ක් වාර්තා වෙලා. ඒ මරණවලින් 33ක් වෙඩි තබා ඝාතනය කිරීම්. පාතාල ක්‍රියාකාරකම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව පැහැදිලියි. ඊට ප්‍රබල සාධකයක් තමයි ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ සෘජු අනුග්‍රහය ලැබීම. ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයෙක් මැතිවරණ කාලවලදී බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පාතාල නායකයෝ සම්බන්ධ කරගෙන හිටියා. සමයං නමැති පාතාල ක්‍රියාකාරිකයෙක් කඩුවෙල පැත්තේ රාජ්‍ය ඇමැතිවරයෙක් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට වාර්තා වුණා. අනුරාධපුර මෑතකදී සිදුවූ ඝාතනයට අදාළ පාතාල ක්‍රියාකාරිකයන් ආණ්ඩුවේම ප්‍රබල ඇමැතිවරු එක්ක සම්බන්ධයි කියලා චෝදනා නැඟුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ හැසිරීමෙන්ම තේරෙනවා ඒක කොච්චර සාධාරණද කියලා.

අනුරාධපුර සිද්ධියේදී කොයි පාර්ශ්වය හරිද වැරැදිද වැදගත් නෑ. මේ සිද්ධියේදී ආණ්ඩුවේ එජාප ප්‍රබල දේශපාලනඥයකුගේ සම්බන්ධතාවක් තියෙනවා කියලා චෝදනා එල්ල වුණා. ඒ ඇමැතිවරයාව ආරක්ෂා කර ගැනීමේ හැසිරීමක් තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්නුම් කරන්නේ. අධිකරණයට නඩුවක බී වාර්තා ගොනු කළ යුතු කරුණු මාධ්‍ය ඉස්සරහට ඇවිත් ප්‍රකාශ කරලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ උත්සාහ කරන්නේ අපරාධකරුවන් ආරක්ෂා කිරීමටයි.

මහජනතාවට විරුද්ධව සිදුවන අපරාධ සාධාරණීයකරණය කරන්නට මේ ආණ්ඩුව උත්සාහ දරනවා.

පහන් විජේසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon