මේක මගේ හොඳම ඉනිම තුනෙන් එකක් - දිමුත්

  👤  3544 readers have read this article !
By mawbima 2018-07-13

තම කණ්ඩායමට බලපාන අයුරින් මේ මොහොතේදී යම් බාධක පැමිණියද ඒවා හේතු කොට ගෙන තම කණ්ඩායම මානසික වශයෙන් පසුබෑමකට ලක්වී නැති බවත් තමන් අද (ඊයේ) ගාල්ලේදී ක්‍රීඩා කළ ඉනිම මෙතෙක් තමන් ක්‍රීඩා කළ හොඳම ටෙස්ට් ඉනිම් තුන අතුරින් එකක් බවත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඊයේ පැවැසීය.

දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ඊයේ නොදැවී ලකුණු 158ක් ලබා ගැනීමෙන් පසුව සවස මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් " ලොව හොඳම වේග පන්දු යවන්නන් තිදෙනෙක් සිටින කණ්ඩායමකට එරෙහිව කළ දක්‍ෂතාව ගැන මම ඉතාමත් සතුටට පත්වෙනවා. මගේ සැලැස්ම වුණේ පළමු පන්දුවාර 15 වේගපන්දු යවන්නන්ට කඩුල්ල නොදී ක්‍රීඩා කරල පසුව දඟපන්දු යවන්නන්ගෙන් වැඩිපුර ලකුණු ලබා ගැනීමයි. අනෙක මෙහි පවතින අධික උෂ්ණත්වය නිසා වේග පන්දු යවන්නන් වුණත් දැඩි මහන්සියට පත්වෙනවා. එවිට අපිට පහසු වුණා" යනුවෙන් දිමුත් වැඩිදුරටත් කීය.

පළමු ඉනිම - ශ්‍රී ලංකාව
ධනුෂ්ක ගුණතිලක ඇ. ඩි කොක් ප. රබාඩා 26
දිමුත් කරුණාරත්න නොදැවී 158
ධනංජය ද සිල්වා ප. ෂම්සි 11
කුසල් මෙන්ඩිස් ඇ. රබාඩා ප. ස්ටේන් 24
ඇන්ජිලෝ මැතිව්ස් ඇ. ඩි කොක් ප. රබාඩා 1
රොෂේන් සිල්වා ඇ. මාක්‍රම් ප. රබාඩා 0
නිරෝෂන් දික්වැල්ල ඇ. අම්ලා ප. ෂම්සි 18
දිල්රුවන් පෙරේරා ඇ. ඩි කොක් ප. පිලැන්ඩර් 1
රංගන හේරත් දුවද්දී දැවී ගියා 1
සුරංග ලක්මාල් ඇ. ඩි කොක් ප. රබාඩා 10
ලක්‍ෂාන් සඳකැන් ස්ටම්ප් කළා ප.ෂම්සි 25
අතිරේක 12
එකතුව (පන්දුවාර 78යි පන්දු 4කදී සියලු දෙනා දැවී
ලකුණු 287
කඩුලු වැටීම: 1-44, 2-70, 3-115, 4-119, 5-119,
6-161, 7-164, 8-176, 9-224, 10-287

පන්දු යැවීම : වර්ණන් පිලැන්ඩර් 8-1-28-1,
ඩේල් ස්ටේන් 13-0-54-1, කැගිසෝ රබාඩා 14-1-50-4,
ටැබේ්‍රස් ෂම්සි 25.4-2-91-3

දකුණු අප්‍රිකාව
ඩීන් එල්ගා නොදැවී 4
ඒඩ්න් මාක්‍රම් ඇ. මැතිව්ස් ප. හේරත් 0
කේ. මහාරාජ් නොදැවී 0
එකතුව (පන්දුවර 4කදී කඩුලු 1කට) ලකුණු 4

පන්දු යෑවිම : රංගන හේරත් 2-1-1-1

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon