ස්ත්‍රී දූෂකයන්ට හා මිනීමරුවන්ටත් එල්ලුම් ගහ නියම කළ යුතුයි

  👤  3478 readers have read this article !
By mawbima 2018-07-13

කුඩු විකුණන අයට පමණක් නොව ස්ත්‍රී දූෂකයන්ට, හොරුන්ට හා මිනීමරුවන්ටද එල්ලුම් ගස විවෘත කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී. රත්නායක පවසයි.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (12දා) නෙලුම් මාවතේ පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
එහිදී මන්ත්‍රිවරයා මෙසේද කීය.

නිව්යෝර්ක් ටයිම්ස් පත්තරයේ කතාව ඉවර වෙනකොටම විජයකලාගේ කතාව ආවා. ඔය දෙක අතරේ මත්තල ගුවන්තොටුපොළ විකුණුවා. දැන් එහි සියලුම බඩු භාණ්ඩ ඉවත් කරලා විකුණුම්කරුවෝ අරන් ඉවරයි. රටේ සම්පත් විකුණන මේ ආණ්ඩුව ජනතාවට කිසිම සහනයක් ලබා දෙන්නේ නැහැ. අද තෙල් මිලත් වැඩි වෙලා. රටේ මාධ්‍ය මඟින් සියල්ල වාර්තා කරද්දී අදාළ විෂයභාර ඇමැතිවරු කිසිම දෙයක් දන්නේ නැහැ වගේ ඉන්නවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා මේ රටේ ප්‍රශ්න යටපත් කරන ප්‍රකාශ කරනවා. ඒ තුළින් රටේ ප්‍රශ්න වැඩිවෙනවා කියලා හිතන්නේ නැහැ.

ඇත්තටම මේක මේ අයගේ සැලසුමක්. මොකද මේ දේවල් නිසා ජනතාවට ප්‍රශ්න අමතක වෙනවා.

දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සමහර අපරාධ සාධාරණීකරණය කරන්න යනවා. නමුත් 2018 වර්ෂයේ මිනිස් ඝාතන 2019ක් වෙලා. ඒවාට හේතු නොසොයා මැරුණු අයගේ අතීත තොරතුරු හොයනවා. අනුරාධපුරයේ ඝාතනය වූ පුද්ගලයාට නඩු 5ක් තියෙනවා කියනවා. ඔහු කරන්නේ අගක් මුලක් නොදැන ගිරවා වගේ කියවන එක විතරයි. මේ ආණ්ඩුව මේ වගේ අය පොලිස් දෙපාර්තමේන්තුවට ගත්තේ ඇයි. මේ දේවල්වලින් රටේ වර්තමාන තත්ත්වය හොඳටම පැහැදිලි වෙනවා. අද රටේ නීතියක් නෑ. මෙහෙම රටක තමයි එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න යන්නේ. ඒක ඉතා බරපතළ තත්ත්වයක්.

මොකද ඔවුන්ට ඕන විදියට රිංගලා යන්න පුළුවන් ලෙස සකස් කරන නීති වහාම සංශෝධනය කරලා මේ එල්ලුම්ගහ ගෙන ආ යුතුයි. මේ එල්ලුම්ගහ මුවාවෙන් කරන්න හදන්නේ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය කරලා රටේ බලය බෙදීමයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා

එළ හරකගෙයි, මී හරකගෙයි ආණ්ඩුව අද රට විනාශයට පත් කරලා ඉවරයි. ආයෝජකයෝ කිසි කෙනෙක් මේ රටට එන්නේ නැහැ. නිල වශයෙන් මිනී මරන පොලිසියක් හා නොනිල වශයෙන් මිනී මරන්න පාතාලයක් අද ආණ්ඩුවේ කොටස්කාරයන් වෙලා. ඒ අස්සේ නිල නොවන මනුෂ්‍ය ඝාතනය අද නිල වශයෙන් සාධාරණීකරණය කරමින් ඉන්නවා.
විජයකලා, සුමන්තිරන්ලා අද සුරතල් කරනවාට වඩා වැඩ මේ ආණ්ඩුවට තියෙනවා. ඒ තමයි රත්නප්‍රිය වගේ හමුදා නිලධාරීන් රැකගන්න එක. මොංගල් ආණ්ඩුවක් වගේ තමයි මේ ආණ්ඩුව අද ජනතාවට පේන්නේ.

නුවන් හෙට්ටිආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon