ගෙවුණු අවුරුදු තුනේදී එක හොරකුවත් හිරගෙට යවන්න මේ ආණ්ඩුවට බැරි වුණා

  👤  3603 readers have read this article !
By mawbima 2018-07-13

යහපාලන රජය විශේෂ අධිකරණ පිහිටුවීම ප්‍රමාද වීම තුළින් රට තුළ දූෂිතයන් වංචාකාරයන් තවදුරටත් ආරක්ෂා වීම සහ තමන් කරන ලද දූෂණ, වංචා ක්‍රියා සනාථ කිරීමට ඇති සාක්ෂිකරුවන් ඔවුන්ගේ ග්‍රහණයට නැඹුරු කරගැනීමට කාලය ලබාදීමක් සිදුවන්නේ යැයි දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ රාජගිරිය වැලිකඩවත්ත දූෂණ විරෝධී පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මාධ්‍යකරුවන් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝ මෙසේද කීහ.

විශේෂ අධිකරණ තුළින් බලාපොරොත්තු වන්නේ මෙතෙක් කර තිබෙන දූෂණ හා වංචාවන් පිළිබඳ සොයා බලා වැරැදිකරුවන් වන අයට දඬුවම් ලබාදීම බවත් නමුත් අධිකරණ පිහිටුවීමේ කටයුතු සිදුවන්නේ ඉතා මන්දගාමීව යැයිද මාධ්‍යකරුවකුගේ පැනයකට පිළිතුරු දෙමින් උලපනේ සුමංගල හිමියෝ පැවැසූහ.

දැනටමත් කරන ලද වංචා, දූෂණ හා හොරකම්වලින් පරීක්ෂණ කෙරෙන්නේ ඉතාමත් සුළු සිද්ධීන් බවත් මහා පරිමාණයේ සොරකම්දූෂණ, වංචා පිළිබඳ ගෙවුණු අවුරුදු තුනේදි ගනු ලැබූ ක්‍රියාමාර්ග මොනවාදැයි තමන් වහන්සේ රටේ වගකිවයුතු අයගෙන් ප්‍රශ්න කර සිටින්නේ යැයිද උන්වහන්සේ පැවැසූහ.

2015ට පෙර සිද්ධ වූ ගල්අඟුරු වංචාව එයින් පසුව ඇති වූ මහ බැංකු කොල්ලය ගැන ක්‍රියාකිරීමට යහපාලන ආණ්ඩුව ඉතා කඩිනම් පියවර නොගන්නේ මන්දැයි ප්‍රශ්න කළ උලපනේ සුමංගල හිමියෝ දැන් එක්්කෙනෙක් උදයංග වීරතුංග මහතාව මෙරටට ගෙන්වා ගන්නේ නම් අර්ජුන මහේන්ද්‍රන් මෙරටට කැඳවන්නේ කවදාදැයි මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කර සිටියේය.

කොළඹ සිට මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු මේ වන විටත් බරපතළ ලෙස පාඩුවක් සිදු වී තිබෙනවා. මේ සෑම පාඩුවක්ම ගෙවීමට සිදුව තිබෙන්නේ රටේ ජනතාවටයි. රටේ ජනතාවට සෑම බඩු මුට්ටුවක්ම ඉහළ යෑමෙන් ඒවායේ බදු බර පැටවෙන්නේ ඔවුන්ටයි.

පාතාල නායකයන් බන්ධනාගාරය තුළ රජ කරමින් සිටිනවා. බන්ධනාගාරයේ දැනට සිටින වෙලේසුදා තමයි ප්‍රධාන වැඩකාරයා. කුඩුසුදාගේ කටයුතු හා නියෝග ක්‍රියාත්මක කරන දේශපාලනඥයන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද සිටිනවා.

ඒ වගේම බන්ධනාගාර ඇමැතිනිය බන්ධනාගාරවල වන සිදුවීම් පිළිබඳ සොයා බැලිය යුතුයි. බන්ධනාගාරවල නිල සංචාර කිරීම හොඳයි. ඒ වගේම බන්ධනාගාර තුළින් සිදුවන ජාවාරම් මැඬලිය යුතුයි. බන්ධනාගාර ගතව සිටිනා ඇතැම් උදවියට ජංගම දුරකථන තුනක් සමඟ සිම් කාඩ් පවා ඔවුන්ගේ කොට්ට මෙට්ට තුළ සඟවාගෙන සිටිනවා.
දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා හිටපු ජනාධිපතිවරයාගේ කාලයේත් කිලෝ 269ක කන්ටේනරයක් තුළින් මෙරටට ගෙනාවා. ඒවා බේරුම් කිරීමට කටයුතු කළේ හිටපු අගමැතිවරයකු වන දි.මු. ජයරත්න මහතා යටතේ කටයුතු කළ නිලධාරියෙක්. අවසානයේ ඒවගේ වැරැදිකරුවනුත් නැහැ. මත්ද්‍රව්‍යවලට වෙච්ච දෙයකුත් නැහැ.

ආරියරත්න ගනේගොඩ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon