තෙල් මිලේ පාඩුව පාරිභෝගිකයාගෙන් පිරිමහනවා - සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය

  👤  3426 readers have read this article !
By mawbima 2018-07-13

අනුරාධා හේරත්

ඉහළ දැමූ තෙල් මිල සමඟ ආපන ශාලාවල දෛනික වියදම 12%කින් පමණ ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් "මව්බිම"ට පැවැසුවේ දෛනිකව ඉහළ යන එම වියදම ලබන සතියේ සිට පාරිභෝගිකයාගෙන් අය කර ගැනීමට සිදුවන බවය.

ආපනශාලාවලට ප්‍රවාහනය කරන ගෑස් ටැංකි, සහල්, පොල්, එළවළු ඇතුළුව ප්‍රවාහන වියදම් සෘජුවම ආපනශාලාවල වියදම් ආදියට බලපාන අතර පාරිභෝගිකයාට වැය වන අනෙකුත් වියදම්ද ආපනශාලා හිමියා මතට පැටවී ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි.

ඔහු පැවැසුවේ තෙල් මිල ඉහළ යෑම සමඟ පාරිභෝගිකයාගේ ආහාර පාන සඳහා ඉහළ මිලක් අය කිරීමට නොහැකි බැවින් පාරිභෝගිකයාට නොදැනෙන ආකාරයෙන් එකී අමතර වියදම අය කර ගැනීමට කටයුතු කරන බවයි.

අද පාරිභෝගිකයා වුවද කුස පුරවා ගන්නවා මිස කුසට පෝෂණීය ආහාර වේලක් නොගන්නා තරමට අසරණ වී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon