මන්නාරමේ සමූහ මිනී වළෙන් 38කගේ ඇටසැකිලි

  👤  3410 readers have read this article !
By mawbima 2018-07-13

වවුනියාව -
රසාදි චතුරංගි ගමගේ

මන්නාරමේ සතොස තොග ගබඩාව පිහිටි ස්ථානයේ කරගෙන යන කැණීම්වලදී ඊයේ (12දා) වනවිට පුද්ගලයන් 38 දෙනකුගේ බවට හඳුනාගත් මිනිස් ඇටසැකිලි කොටස් හමු වී තිබේ.

මෙම මිනිස් ඇටසැකිලි කිසිවක් එම සමූහ මිනී වළෙන් මෙතෙක් ඉවතට ගෙන නොමැත. මන්නාරම මහෙස්ත්‍රාත් එම්. ප්‍රභාකරන් මහතාගේ අධීක්ෂණය යටතේ සතොස ගොඩනැඟිල්ල පිහිටි ස්ථානය කැණීම් සිදු කරනු ලැබීය.

මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානයේ ආරක්ෂාවද මේ වනවිට තර කර ඇති බව මන්නාරම පොලිසිය පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon