මහසෝන් ලොක්කා උපවාසයක් අරඹයි

  👤  3423 readers have read this article !
By mawbima 2018-07-13

අනුරාධපුර _ එරන්ද ශෂිප්‍රිය

තමන්ට ඇප ලබාදෙන ලෙසට බල කර සිටිමින් 'මහසෝන් බළකායේ' නිර්මාතෘ අමිත් වීරසිංහ අනුරාධපුර බන්ධනාගාරය තුළ පෙරේදා (11දා) දහවල් සිට උපවාසයක් ආරම්භ කොට ඇත.

පසුගිය මාර්තු මාසයේ මහනුවර සහ තෙල්දෙණිය යන ප්‍රදේශවලදී දෙපිරිසක් අතර ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර - තෙල්දෙණිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටී.

දැනට මාස තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින තමන්ට ඇප ලබා දෙන ලෙසට බල කරමින් පෙරේදා (11දා) දහවල් 12.00 සිට නිරාහාරව සිටිමින් ඔහු මේ උපවාසය ආරම්භ කොට ඇති බව අනුරාධපුර බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon