ජාතීන් අතර සමඟියට උපත් සීමා-ඉඩම් සීමා පොදු ප්‍රතිපත්තියක් ඕනෑ- කොටපොළ අමරකිත්ති හිමි

  👤  3526 readers have read this article !
By mawbima 2018-07-13

දෙනගම ධම්මික රණවීර

ජාතීන් අතර සමඟිය ඇතිවීමට නම් උප්පත්ති පාලනයට පොදු ප්‍රතිපත්තියකුත්, නිවැරැදි ඉඩම් ප්‍රතිපත්තියකුත් අනුගමනය කළ යුතුව ඇතැයි 'ශාන්ති පදනමේ' සභාපති පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියෝ පවසති.

ජාතීන් අතර ඇති වී තිබෙන නොහොඳ - නෝක්කාඩුකම් අළු යට පවතින ගිනි පුපුරු සේ කොයි මොහොතක හෝ මහා ගින්නක් ලෙස පැන නැඟී මහා විනාශයක් ඇතිවීමට පෙර ජාතීන් අතර සාමය, සමඟිය, සහෝදරත්වය ඇති කරලීම වෙනුවෙන් ගැඹුරු වටිනාකම් ඇති තිරසර රාජ්‍ය ප්‍රතිපත්තියක් ගෙන ඒම වහාම කළ යුතුව ඇති බවද උන්වහන්සේ සඳහන් කරති.

උපත් පාලනය සියලු ජාතීන්ට පොදු ප්‍රතිපත්තියක් බවට පත් කරමින් සෑම පවුලකම දරුවන් තිදෙනකුට හෝ සිවුදෙනකුට සීමා කිරීම ලෝකයේ දියුණු රටවල් ක්‍රියාවට නංවා ඇති බව පෙන්වා දෙන උන්වහන්සේ ඉදිරි මැතිවරණයේදී සෑම දේශපාලන පක්ෂයක් විසින්ම තම මැතිවරණ ප්‍රකාශ සකස් කිරීමේදී උපත් පාලන ප්‍රතිපත්ති සහ ඉඩම් ප්‍රතිපත්ති ඇතුළත් කළයුතු බවත් එසේ නොකරන්නේ නම් එම පක්ෂවලට ඡන්දය නොදී සිටීම ජනතාවගේ වගකීමක් බවත් අවධාරණය කරති.

එම ප්‍රතිපත්ති ඇති නොකළහොත් ඉදිරි දසක දෙක තුළ ලෝකයට ධර්මය බෙදා දුන් ඓතිහාසික ථෙරවාදී රාජ්‍ය මූලස්ථානය වන මෙරටින් බුද්ධ ශාසනය අතුරුදන් වීමට ඉඩ ඇති බවද අමරකිත්ති හිමියෝ පෙන්වා දෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon