රත්නපුරයේදී ඝාතනය වූ සැරයන් කිලිනොච්චියේදිත් ප්‍රහාරයකට ලක්වෙලා

  👤  3489 readers have read this article !
By mawbima 2018-07-13

රත්නපුර _ ධර්මප්‍රිය ලියනආරච්චි
මුලතිව් - ශෂි කුමාර්

රත්නපුර - කොස්පැලවින්නේදී හිමිනමකගේ අමානුෂික ප්‍රහාරයකට ලක්ව මියගිය රත්නපුර පොලිස් සැරයන් සමරවික්‍රම මහතා මෙවැනි මාරාන්තික මැර ප්‍රහාරයකට ලක්වුණු දෙවැනි වතාව මෙය බව ඔහුගේ පවුලේ අය පවසති.

කලකට ඉහතදී ඔහු උතුරේ රාජකාරිය කරමින් සිටියදී කිලිනොච්චියේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කරන්නට ගොස් බෝතලයකින් පහර කා අසාධ්‍යව සිටි බවද ඔවුහු පැවැසූහ.

පොලිස් වෙඩි පහරින් මීට වසර 2කට පමණ පෙර යාපනයේ සරසවි සිසුන් දෙදෙනකු මිය යෑමේ සිද්ධියට එරෙහිව 2016 ඔක්තෝබර් 25 වැනිදා උතුරේ හර්තාලයක් පැවැති අවස්ථාවේදී පොලිසියට එරෙහිව උතුරේ වැසියන් කලහකාරී අයුරින් හැසීරී තිබේ.

එම අවස්ථාවේ ගැටුම සන්සුන් කිරීමට සැරයන් සමරවික්‍රම මහතා ජනතාව අතරට ගිය අවස්ථාවක එහි බීමතින් සිට අයකු බෝතලයක් කඩා සැරයන්වරයාගේ මුහුණට හා ගෙලට පහර දී ඇත.

කිලිනොච්චිය රෝහල ඉදිරිපිටදීම එල්ල වූ මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා සැරයන්වරයා දින ගණනාවක්ම රෝහල්ගත වී සිට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon