විජයකලාගේ මන්ත්‍රි ධුරය අහෝසි කළ යුතුයි

  👤  3465 readers have read this article !
By mawbima 2018-07-13

 

උපතිස්ස පෙරේරා

එල්ටීටීඊය නැවත අවශ්‍ය බවට හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේශ්වරන් මහත්මිය කළ ප්‍රකාශය රටේ විනය මෙන්ම පක්ෂ විනය උල්ලංඝනය කිරීමක්

බැවින් ඇගේ මන්ත්‍රි ධුරය අහෝසි කළ යුතු යැයි එජාප ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කළ එවකට විපක්ෂ නායක අමිර්තලිංගම් මහතාගේ විපක්ෂ නායක තනතුර සහ එම මන්ත්‍රිවරුන් 17 දෙනාගේ මන්ත්‍රි ධුර අහෝසි කිරීමට එවකට පක්ෂ නායක හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා කටයුතු කළ ආකාරයටම විජයකලා මහේශ්වරන් මන්ත්‍රිවරිය සම්බන්ධයෙන්ද වත්මන් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි තීරණයක් ගනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ 'සිරිකොත' එජාප මූලස්ථානයේ ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon