මංගල - මහින්දට අභියෝග කරයි

  👤  4079 readers have read this article !
By mawbima 2018-07-15

දෙනගම ධම්මික රණවීර

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ තමන් සමඟ මුහුණට මුහුණ සංවාදයකට එන ලෙස මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.

වත්මන් මුදල් ඇමැති ලෙස තමන් එලෙස මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුම් කරන්නේ හිටපු මුදල් ඇමැති ලෙස සලකමින් බවද කීවේය. ඩොලරයේ අගය වෙනස් වීම, ඉන්ධන මිල ඉහළ දැමීම ආදී කරුණු එහිදී සාකච්ඡා කළ හැකි බවද හෙතෙම පවසයි. මංගල සමරවීර මහතා එසේ සඳහන් කළේ සිකුරාදා (13දා) සවස මුදල් අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon