බන්ධනාගාරයේ කුඩු කෙරුමන්ට නිලධාරීන්ගේ උදවු

  👤  4072 readers have read this article !
By mawbima 2018-07-15

චාමර අමරසූරිය

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියමව සිටියදීත් බන්ධනාගාරය තුළ සිට හෙරොයින් ජාවාරම මෙහෙයවන ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් අට දෙනකුගේ නම් හෙළි කර ගැනීමට පාතාල මර්දන ඒකකයන් සමත්ව තිබේ.

ඉන් බහුතරයක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බවද පාතාල මර්දන ඒකකය සඳහන් කරයි.

වෙලේ සුදා, පොට්ට නවුෆර්, මොහොමඩ් සිද්දික් යන ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් තිදෙනා අටදෙනා අතර සිටින බවද පාතාල මර්දන ඒකකය භාර ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියකු ඉරිදා 'මව්බිම'ට පැවැසීය.

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පොට්ට නවුෆර් නමැත්තාට මරණ දණ්ඩනය හිමි වූ අතර ඔහුද ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු බවද එම නිලධාරියා සඳහන් කළේය. පොට්ට නවුෆර් පමණක් මේ වනවිට වැඩි ආරක්‍ෂාව සඳහා බදුල්ල බන්ධනාගාරයේ රඳවා තිබේ.

කෙසේ නමුත් ඇතැම් දූෂිත බන්ධනාගාර නිලධාරීන්ගේ උදවු උපකාර මත මෙම ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් සිය ජාවාරම බන්ධනාගාර සිරකුටි තුළ සිට හිඳිමින් මෙහෙයවනු ලබන බවටද පාතාල මර්දන ඒකකයන් වෙත තොරතුරු අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද මෙම පුද්ගලයන්ගේ ඒ නාම ලේඛනය අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති අතර එම නාම ලේඛනයද ලබන සතියේ වන විට අධිකරණ අමාත්‍යාංශය විසින් ජනාධිපතිවරයාට භාර දීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon