හාර කෝටි අසූ ලක්ෂයක විදෙස් මුදල් සිංගප්පූරුවට ගෙන යෑමට තැත් කළ තිදෙනෙක් රේගු දැලේ

  👤  3155 readers have read this article !
By mawbima 2018-07-16

කටුනායක _ ගයා තිරිමාදුර

රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක් (4,80,00,000ක්) වටිනා විදේශ මුදල් තොගයක් නීති විරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මඟියකු සහ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සිංගප්පූරුව බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයකට පිවිසීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති මේ දෙදෙනා සන්තකයේ ඇමෙරිකානු ඩොලර් 52,950ක්, යූරෝ 1,53,250ක්, සෞදි රියාල් 2,64,000ක් සහ කටාර් රියාල් 18,500ක් තිබී ඇත.

රේගු අධිකාරී ඒ. එම්. ජේම්ස්, සහකාර රේගු අධිකාරිවරුන් වන ටී. ඒ. ගුණසේකර, ඩී. රෙංගරාජ්, එම්.එස්. මාසකෝරාල, එස්. සමරසේකර යන මහත්වරුන් මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි. ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රංජිත් ළමාහේවා මහතාගේ උපදෙස් පරිදි, කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ. එම්. ජාබීර් මහතාගේ අධීක්ෂණයෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඕ. ජේ. ඔබේසේකර මහතා ඇතුළු රේගු නිලධාරීහු පිරිසක් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon