තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමයේ සාර්ථක ප්‍රගතියක්

  👤  3144 readers have read this article !
By mawbima 2018-07-16

උපතිස්ස පෙරේරා

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ලංකා බැංකුව සමඟ එක්ව ක්‍රියාත්මක කර ඇති තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය මේ වන විට සාර්ථක ප්‍රගතියක් පෙන්වා ඇති බව පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැති එහි ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණය විය.
ඒ අනුව තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ බස්නාහිර පළාතේ ව්‍යාපාර සැලසුම් 65ක් සකසා ඇති අතර එයින් ව්‍යාපාර සැලසුම් 31ක් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර තිබේ.

අවුරුදු 3කට නොඅඩු කාලයක් පවත්වාගෙන යනු ලබන තම ව්‍යාපාර ස්ථාවර තත්ත්වයකට පත්කර ගැනීම සඳහා ඇපකරුවන් නොමැතිව රුපියල් ලක්ෂ 2 දක්වාත්, ලිහිල් ඇපකරුවන් සහිතව රුපියල් ලක්ෂ 5 ඉක්මවූ ණය මුදලක්ද ලංකා බැංකුව විසින් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දෙයි.

තුරුණු දිරිය යටතේ ණය ලබාගැනීම සඳහා ව්‍යවසායකයන් අවුරුදු 35ට අඩු උපාධියක්, ඩිප්ලෝමාවක්, ජාතික වෘත්තිය සුදුසුකම (ව්ඍශ්‍රී ධ්ධ්ධ්) විදාතා වැනි සුදුසුකම් ලැබූ ව්‍යාපාර ලියාපදිංචියට ග්‍රාම නිලධාරි සහතිකය ඉදිරිපත් කළ හැකි, මාස 12ක සහතික කළ ගිණුම් ඉදිරිපත් කළ හැකි, පිළිගත හැකි ව්‍යාපාර සැලැස්මක් සතු අය විය යුතුය. සෙසු පළාත්වල ප්‍රගති සමාලෝචන රැස්වීම් ඉදිරි කාලයේදී පැවැත්වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon