මරා දමන ලද දිවියා ආරක්‍ෂක අංශ ඇති දැඩි කළ එකකුදැයි සැකයක්

  👤  3084 readers have read this article !
By mawbima 2018-07-17

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ


කිලිනොච්චියේ, අම්බාල්කුලම් ප්‍රදේශයේදී පුද්ගලයන් පිරිසක් විසින් පහරදී මරා දමන ලද දිවියා කැලයෙන් තම ගම්මානයට පැමිණි දිවියකු නොව ආරක්‍ෂක අංශ විසින් ඇති දැඩි කළ දිවියකු බවට සැක කරන බව අම්බාල්කුලම් ගම්මානයේ වැසියෝ කියා සිටිති.


මීට හේතුවක් වශයෙන් ඔවුන් සඳහන් කරන්නේ එම දිවියා අම්බාල්කුලම් ගම්මානයට කඩා වැදීමට පෙර පුද්ගලයන් දෙදෙනකු පැමිණ 'මේ පැත්තට සතෙක් එහෙම ආවේ නැත්දැයි' විමසා ඇති නිසා යැයි ගම්වැසියෝ කියා සිටිති.


පැමිණි දෙදෙනා සතා කුමන වර්ගයකට අයත්දැයි නොපැවසූ බවත් ඔවුන් දෙදෙනා ආපසු ගොස් ස්වල්ප වේලාවකින් ගමට දිවියකු පැමිණි බවත් අම්බාල්කුලම් ගම්මානයේ වැසියෝ කියා සිටිති.


ගම්වැසියන්ගේ මේ ප්‍රකාශය පොලිසියද දන්නා බව අම්බාල්කුලම් ගම්මානයේ වැසියෝ කියා සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon