ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට මිනිසුන් එල්ලා මැරීම සාධාරණ නෑ

  👤  3849 readers have read this article !
By mawbima 2018-07-18

අනුරාධා හේරත්

ලෝකයේ ශිෂ්ටසම්පන්න කිසිදු රටක මිනිසුන් එල්ලා නොමරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

ලාල් කාන්ත මහතා පැවැසුවේ ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට මිනිසුන් එල්ලා මැරීම සාධාරණනොවන බවත් මත්කුඩු ජාවාරම පසුපස පැහැදිලිව සිටින්නේ දේශපාලනඥයන් බවත්ය.

එම නිසා ප්‍රබල දේශපාලනඥයන් මැදිහත්ව සිදුකරන එවැනි ජාවාරම්වලට සම්බන්ධ කරගන්නා පැත්තක සිටින අයවලුන් එල්ලා මැරීම අසාධාරණ මෙන්ම ම්ලේච්ඡ ක්‍රියාවක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අපරාධකරුවන් අපරාධ කරන බව සත්‍යයක් වුවත් ශිෂ්ට මිනිසුන් සාමූහිකව තීන්දු තීරණ ගෙන මිනිසුන්ගේ ගෙල සිර කර මරා දැමීම අනුමත කළ නොහැකි බැවින් පවතින දේශපාලන ක්‍රමයේ වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon