ආසියානු ක්‍රීඩා උළෙලට යන පිහිනුම් කණ්ඩායමට ක්‍රීඩකයන් පමණයි

  👤  3630 readers have read this article !
By mawbima 2018-07-18

විචිත්‍ර වීරසිංහ

ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවර පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායමට ඇතුළත් කර සිටි ක්‍රීඩිකාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ඒ අනුව මෙයට පෙර ක්‍රීඩකයන් 5 දෙනකු හා එක් ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකා පිලට එක්කර තිබුණද පසුගියදා ජාතික ඔලිම්පික් කමිටුව හා ජල ක්‍රීඩා සංගමය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීම සඳහා පැවැති තේරීම් තරගවලදී ශ්‍රී ලංකාවේ අංක එකේ පිහිනුම් ශූරිය වන කිමිකෝ රහීම් සුදුසුකම් නොලැබීම හේතුවෙන් ලංකාවෙන් ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබුණේ දිල්රුක්‍ෂි පෙරේරා ක්‍රීඩිකාව පමණි. එහෙත් පිහිනුම් ආසියානු පදක්කම් පිළිබඳව ශ්‍රී ලංකාව වැඩි බලාපොරොත්තුවක් තබා ඇත්තේ ක්‍රීඩකයන්ගෙන් බැවින් මෙම තීරණය ගෙන ඇති බවද පැවැසේ. මේ පිළිබඳව ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවැසුවේ මෙවැන්නකි. "යම් පරිසාදන මට්ටමක් සපුරාලීමට හැකියාවක් නැත්නම් ලංකාවේ වාර්තා තිබ්බට වැඩක් නැහැ. ඕස්ට්‍රේලියාවේදී තිබුණු පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී මේ පිළිබඳව ජාතික තේරීම් කමිටුව හා අපි (ජාතික ඔලිම්පික් කමිටුව) ක්‍රීඩක-ක්‍රීඩිකාවන් දැනුවත් කළා. ඒ නිසා තෝරාගෙන ඇති පිහිනුම් ක්‍රීඩකයන් 5 දෙනාට යම් සාර්ථකත්වයකට යන්න පුළුවන් කියලා හිතුණු නිසයි ඔවුන් පමණක් ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි කරගන්න තීරණය කළේ" යනුවෙනි.

ආසියානු ක්‍රීඩා උළෙලට වරම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම _ මැතිව් අබේසිංහ, චෙරන්ත ද සිල්වා, කයිල් අබේසිංහ, අකලංක පීරිස්, කාවින්ද්‍ර නුගවෙල

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon