කැරම් හා දාම් බෝඩ් ආනයන සිද්ධිය සතොස හිටපු සභාපතිවරයාට විදෙස් ගතවීමට අවසර

  👤  3570 readers have read this article !
By mawbima 2018-07-18

අමිල අබේරත්න

රජයේ මුදලින් රුපියල් මිලියන 39ක් අවභාවිත කරමින් ඉකුත් ආණ්ඩුව සමයේ කැරම් සහ දාම්බෝඩ් 14000 බැගින් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ විදේශ ගමන් තහනමකට ලක්වී සිටි හිටපු සතොස සභාපතිවරයකු වූ නලීන් රුවන්ජීව ප්‍රනාන්දු මහතාට මේ මස 20 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා විදේශගතවීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය අවසර ලබාදුන්නාය.

ලක්ෂ 5ක බැඳුම්කරයකට යටත්ව හිටපු සතොස සභාපතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය මඟින් මුදාහරිනු ලැබීය. විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙස හිටපු සභාපතිවරයා විසින් නීතිඥවරයකු මඟින් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය ඒ සඳහා අවසර දුන්නාය.

හිටපු සතොස සභාපතිවරයා මෝසම ඉදිරිපත් කරමින් ඉල්ලා තිබුණේ උපාධි වැඩසටහනකට සහභාගි වීම සඳහා එංගලන්තයට යෑමට අවසර ලබාදෙන ලෙසටය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon