උසස් පෙළ ලියූ චෝදනාවට ඇප මත සිටින පාසල් සිසුවා රට යන්නට කළ ඉල්ලීම ඉවතට

  👤  3126 readers have read this article !
By mawbima 2018-07-20

මිනුවන්ගොඩ - ටෝනි කේ. අතුකෝරල

නවීන තාක්‍ෂණ මෙවලම් උපයෝගී කරගෙන 2017 වර්ෂයේ උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේ චෝදනා සම්බන්ධයෙන් ඇප මත සිටින කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබූ සැකකාර සිසුවා විදේශගත වීමට කළ ඉල්ලීම ගම්පහ මහෙස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා ඊයේ (18දා) ප්‍රතික්‍ෂ්ප කළේය.

මෙම නඩුවේ සැකකරුවන් 06 දෙනාට විදේශගත වීම තහනම එක් ඇප කොන්දේසියකි. පාසල් සිසුවා සහ ඔහුගේ පියා වන සේනාධි ඉන්ද්‍රජිත් බංගමුආරච්චි යන සැකකරුවන් දෙදෙනා නීතිඥ ඩී.ඒ.පී. වීරත්න මහතා මඟින් මෝසමක් ඉදිරිපත් කර එම නඩුව අධිකරණය හමුවේ කැඳවන ලෙසට ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව ඊයේ (18දා) එම නඩුව කැඳවූ අවස්ථාවේ විමර්ශන අවසන් නොමැති හෙයින් විදේශගත වීමේ තහනම ඉවත් කිරීමට කරන ඉල්ලීමට විරෝධය දක්වන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් කරුණු දැක්වීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. නඩුව නැවත අගෝ. 10දා කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon