වැඩ බලන නායකයාට වැඩ පෙන්වන්න තවත් අවස්ථාවක්

  👤  3013 readers have read this article !
By mawbima 2018-07-20

විචිත්‍ර වීරසිංහ

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය එස්.එස්.සී. පිටියේදී අද (20දා) ආරම්භ වීමට නියමිතව ඇත්තේ දෙරට අතර පැවැත්වෙන 27 වැනි ටෙස්ට් තරගය ලෙසිනි.

2006න් පසු දකුණු අප්‍රිකාවට එරෙහිව මෙරටදී ටෙස්ට් තරගාවලියක් ජයගෙන නොමැති ශ්‍රී ලංකාව අද තරගයේදී එම කඩඉම සපුරාගතහොත් වසර 12ක අමිහිරි මතකය අතුගා දැමීමට හැකිවනවා සේම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩබලන නායකයකු යටතේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලියක් ජයගන්නා පළමු අවස්ථාව මෙය ලෙසද ඉතිහාසගත වීමට නියමිතය.

අද තරගය පැවැත්වෙන එස්.එස්.සී. පිටිය වේගපන්දු යවන්නන්ට හා දඟ පන්දු යවන්නන්ට සම ප්‍රතිඵල ගෙන දෙන ක්‍රීඩාංගණයක් වුවද මෙම තරගයට අදාළව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී රංගන හේරත් පැවැසුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය පිළිබඳව තමන්ට කිසිවක් කිව නොහැකි බවය. "පළමු තරගයේදී සියලුම දෙනා තමන්ගේ වගකීම ඉටු කළා. දඟ පන්දු යවන්නන්ට වැඩි සහායක් ලබා දෙන එස්.එස්.සී. පිටියේදී හෙට (අද) තරගයේදී කණ්ඩායම වෙනසක් වෙනවා නම් එය තීරණය කරන්න වෙන්නේ අද සවස (ඊයේ) හෝ හෙට (අද) උදේ ක්‍රීඩාංගණ තණතීරුව බැලීමෙන් පසුවයි. කොහොම වුණත් දකුණු අප්‍රිකාව කියන්නේ ලෝකයේ අංක දෙක ස්ථානයේ ඉන්න කණ්ඩායමක්. ඒ නිසා අපිට මේ තරගය ජය ගැනීම ඉතාම වැදගත්" යනුවෙන්ද රංගන හේරත් කීය.

කෙසේ වෙතත් ගාල්ලේදී පැවැති පළමු තරගයේදී තරගයේ වීරයා බවට පත්වූ දිමුත් කරුණාරත්නට අනවශ්‍ය පීඩනයක් ලබා නොදෙමින් අනෙකුත් පිතිකරුවන් තමන්ගේ වගකීම හරි හැටි ඉටුකළහොත් දකුණු අප්‍රිකානුවන් හමුවේ පවතින අවුරුදු 12ක අමිහිරි මතකය මකා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.

ඡායාරූප _ තාරක බස්නාරයක,
වෙනුර චන්ද්‍රමාලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon